( තිළිණි ද සිල්වා )
රටවල් 10 ක් සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුවන් දස දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත.
මෙලෙස නව ශ්‍රී ලංකා තානාපතිවරුන් නම් කරනු ලැබ ඇත්තේ තුර්කිය , ඕමානය , බහරේනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඊශ‍්‍රාලය , පිලිපීනය , තායිලන්තය , ඉන්දුනීසියාව , නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන රටවල්සඳහාය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත. පත්කිරීම් අතර බහුතරයක් දෙනා ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීහූ වෙති.
ඒ අනුව තුර්කිය සඳහා රිස්වි හසන් , ඕමානය සඳහා ඕ.එල්.අමීරාජ්වාද් , බහරේනය සඳහා එස්.ඒ.පී.පී.සාරම් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම්.ජේ.පී.ජයසිංහ , ඊශ‍්‍රාලය සඳහා එස්.ඩබ්ලිව් විල්පාත , පිලිපීනය සඳහා එස්.කේ.ගුණසේකර , තායිලන්තය සඳහා ජේ.ඒ.එස්.කේ.ජයසූරිය , ඉන්දුනීසියාව සඳහා වයි.කේ.ගුණසේකර , නෙදර්ලන්තය සඳහා සුමිත් නාකන්දල සහ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් කේ.ඩී.සෙනවිරත්න යන මහත්ම මහත්මීහු පත් කර ලැබ සිටිති.
මෙම නව ශ්‍රී ලංකා තානාපතිවරු පත් කිරීම් වලට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම් මේවන විට පාර්ලිමේන්තු උසස් නිල තල පිළිබඳ කාරක සභාවට යොමු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
49
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
345
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව තානාපතිවරු 10 දෙනෙක්
ධම්ම Sunday, 10 March 2019 03:07 PM
ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් තානාපතිවරුන් ලෙස පත්කිරීම හොඳ දෙයක්. ලියනගේලා වගේ අය මොකට පත් කරනවද?
nali Sunday, 10 March 2019 06:56 PM
පසුගිය දසක තුනේදීම සියයට අනුවක්ම තානාපති කාර්යාලවලට පත්වීම දුන්නේ දේසපාලන හිතවත්කම් වලට. මම අවුරුදු 35 ක් යුරෝපයේ සිටියේ. අපිට බොරු කරන්න මේ පාලකයන්ට බැහැ. විදේශ රාජදුත සේවයේ ගාම්භීරකම පහත්ම මට්ටමකට පත්වුණා. මෙම සේවයට උගතුන් හෝ නියම සුදුස්සන් හා රටට ආදරය ඇති මිනිසුන් පත් නොකිරීම් නිසා තමයි ද්‍රවිඩ ඩයස් පෝරාව විදේශයන්හී අපේ රටට මේ තරම් මඩ ප්‍රචාර කර අපිට ජාත්‍යයන්තර සංවිධාන ඉදිරියේ සටන් කරන්නටවත් බැරි මට්ටමකට පත් කලේ. ජාතියේ පිනින්වත් සුදුස්සන් මෙම උතුම් සේවයට පත් වේවා කියා පතන්නට පමණයි සිදුව ඇත්තේ. තව කිය යුතු දේ බොහෝයි. කාට කියන්නද මිතුරනේ ? විදේස ගත රටට ආදරේ කරන මිතුරන්ට මම කරුණාවෙන් ආරාධනය කරනවා මෙම වටිනා ලංකාදීපයේ අදහස් දක්වන්නට තිබෙන අවස්තාවට ඔබේ අදහස් හා අත්දැකීම් ලියා මෙම උසස් සේවයට යන පුද්ගලයන්ට හා පත් කරන අයටත් දැනුවත් කිරීමක් කලොත් කාටවත් අපහාස කිරීමක් නොව අප රටට මහඟු සේවයක් කරනා සේ සලකා බලන ලෙසට.