
( තිළිණි ද සිල්වා )
ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (27) පැවසීය.
ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් මස තුන්‍වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇතැයිද අමාත්‍යවරයා කීය.
එසේම දෙසැම්බර් පළමු සතියේ සිටරුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් මෙරරටට පැමිණෙන බවද හෙතෙම කීවේය.
සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක අමාත්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීම සිදුවන බව සංචාරක අමාත්‍යාවරයා කියා සිටියේය.
දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සිය අරමුණ වි ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එයාර්ලයින් ඉස්සර ආපු ඒවානේ.
එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම් කෙලින්ම ලංකාවට එන්නේ නැත. ලබන මස 3 දා සිට ඩුබායි දක්වා ෆ්ලයි කරන අතර මගීන් ඩුබායි වලින් මාරු වී එන ගමනට පැය 22 ක් අඩුම වශයෙන් ගත කිරීමට සිදු වෙනවා. මෙවැනි දේවල් කියන්නේ කුමක් නිසාද ?
මොනවද බන් මේ රටවල් ?ලෝක සිතියමේ සමහර ඒවා තියනවද කියලත් සැකයි
ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක්. ඔන්න අනුර ළමයින්ට යන්න එන්න ප්‍රශ්නයක් නැහැ. පඩිය පක්ෂෙට දුන්නනාට ඩීල් වලින් සල්ලි ලැබෙනවානේ.