IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

(අජන්ත කුමාර අගලකඩ සහ නාලක සංජීව දහනායක)

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

නව ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරන අතර එහි කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තාවේ.

භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසේ අද (21) උදේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීද පවසා ඇතැයි දැන ගන්නට තිබේ.

එම කැබිනට් මණ්ඩලය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළත් වනු ඇතැයි පැවැසීය.

කැබිනට් ඇමැතිවරුන් 15 දෙනාට අමතරව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමක් සිදු නොවන බවද දැනගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අද (21) අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එතෙක් පැවැති කැබිනට් මණ්ඩලය ද අහෝසි විය.

 

 



අදහස් (7)

නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Krishan senarath Thursday, 21 November 2019 02:44 PM

තාවකාලික ආණ්ඩුවේ වගේම ඊලඟට එන ස්ථිර ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ඔය විදිහට පවත්වාගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි රටට. එවිට රජයේ අනවශ්‍ය වියදම් රාශියක් අඩු වෙනවා. රාජ්‍ය වියදම් පහල යනවා. එවිට අයවැය පරතරය සැහෙන ප්‍රමාණයකින් අඩුකරගන්න පුළුවන් වෙනවා. එනිසා ගෝඨාභය රාජපක්ෂ යුගයේ වාර්තා තියෙනවා නම් ඔය කැබිනට් මණ්ඩලය දිගටම පවත්වාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම.

:       0       257

Keelan Thursday, 21 November 2019 04:05 PM

ප්‍රශ්නයක් නැහැ, වීරවංශට සහ ගම්මන්පිලට ඇමතිකම් තියෙනවනේ.

:       63       76

කදිරා Thursday, 21 November 2019 04:20 PM

මේ රට පාලනය කරන්න ඔය ඇමති මණ්ඩලය හොඳටෝම ඇති. රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, ඔය ඔක්කොම බොරු, වැඩක් කරපු එක්කෙනෙක් නැහැ.

:       0       280

Raveendra Thursday, 21 November 2019 08:10 PM

ඇමති ගණන නම් හොදයි ඒත් ඉතින් කුරුවල් වෙච්ච කුරුම්බා ටිකම මඩ වගුරට පුරුදු විදියටම ලගින්න එයිද මන්දා? මෙය සියලුම පක්ෂවලට අදාලයි.

:       0       5

Bamunuarachchi Friday, 22 November 2019 02:53 AM

ඉතින් කුරුවල් වෙච්ච කුරුම්බා ටිකම එගොඩට දමන්නේ අපිනේ. අපි තමයි පටන් ගැන්මේදීම කුරුවල් වෙච්ච කුරුම්බා ටික අයින්කළ යුත්තේ.

:       1       28

HemanthaFriday, 22 November 2019 03:24 AM

කතාව ඇත්ත, නමුත් පක්ෂ වලිනුත් නාම යෝජනා නොදී ඉන්න පුළුවන් නේද.?

:       0       2

Mahee Friday, 22 November 2019 04:08 AM

15 ක් අපට වැඩියි. කෝටි 133 ක් ජනගහනය ඉන්න ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු ඉන්නේ, අගමැතිත් එක්කම 40 දෙනයි. ඒ කියන්නේ තුන් කෝටි තිස් පන් ලක්ෂයකට එක ඇමතිවරයයි. තවදුරටත් කියනවා නම් මුළු ලංකාවේම ජනගහණය වගේ එක හමාරක ගුණයකට එක කැබිනට් ඇමතිවරයයි. ඒ අනුපාතෙට ගත්තොත් ලංකාවට ඉන්න ඕන ඇමතිවරු තුන්කාලයි. අපේ ඇමතිවරු කවුරුත් වගේ බාග ඇමතිලා හින්දා ඕන නම් ඇමතිවරු එකහමාරක් හිටියට කමක් නෑ. අනේ ඉතින් අපිම එපාය මේ කට්ටිය නඩත්තු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 283 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1612 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site