(ඩබ් ඒ පියතිලක )
හිගුරක්ගොඩ නිවාස රැසක් බිද දේපළ සොරාගත් හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරක සේවය කළ ගුවන් හමුදා සමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පැවසිය.
2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ මුදල් සහ රන් ආභරණ සොරගෙන ගොස් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
වසර තුනක කාලයක් හිගුරක්ගොඩ පොලිස් වසම තුල දින කිපයකට වතාවක් නිවසක් බිද රන් ආභරණ කොල්ලා කා පලා යන සොරා අල්ලා ගැනිමට පොලිසිය අපොහොසත් විම නිසා ප්‍රදේශයේ ජනතාව පොලිසියට එරෙහිව කටයුතු කිරිමට පවා පෙළඹිසිටියහ.
පසුව පොලිසිය විසින් රාත්‍රි කාලයේ පොලිස් වසමේ සැම ප්‍රදේශයකම නිළධාරින් යෙදවිමට කටයුතු කර ඇති අතර ඒවැනි අවස්ථාවක අලුයම එක්වරම පුද්ගලයෙකු ගුවන් හමුදා කදවුර දෙසට දුවන අයුරු දැක එම පුද්ගලයා පසු පස යැමෙදි ඔහු ගුවන් හමුදා ආරක්ෂක වැටෙන් පැන කදවුර තුලට ගොස් තිබේ.
පසුව පොලිස් නිළ සුනඛයින් යොදවා පරික්ෂා කිරිමේදි ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක වැට අයිනේ සෙරෙප්පු යුගලක් සුනඛයාගේ ඉව අනුව සොයා ගැනිමත් අනුව සුනඛයා ගුවන් හමුදා කදවුර තුලට ගොස් භට නිවාසයකට ගොස් තිබේ.
ඒ අනුව එහි සිටි සැක සහිත පුද්ගලයින් පොලිසියට ගෙන්වා විමර්ශන ආරම්භ කිරීමෙන් පසු තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
367
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගත් ගුවන් හමුදා සාමාජිකයා අත්අඩංගුවට