( ඩී.ජී.සුගතපාල)
බූස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකුගේ නිවසේ සඟවා තිබු උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගැමුණු හේවා බල ඇණියේ විශ්‍රාමික සාජන් මේජර් වරයෙකි.
විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක්ට අනුව සැකකරුගේ නිවස වටලා පරික්ෂා කිරිමේදි නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබු ජීව උණ්ඩ 05ක් ඩෙටනේටර් 03 ශබ්ද බෝම්බයක් සහ තහනම් පිහියක් සොයාගෙන ඇත.
සැකකරු පවසා ඇත්තේ සේවය කරන කාලයේදි මේවා රැගෙන පැමිණි බවය.සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරමිට නියමිතිව තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd