(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රාජගිරියේ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  සිරිමා ගොපල්ලව නැමැති  72 හැවිරිදි කාන්තාවකි.

මෙම නිවස දෙසින් කාන්තාවක මහා හයියෙන් කෑ ගසනු ඇසුණු අසල්වාසියකු පොලිස් හදිසි ඇමැතුම් අංශයට කළ දැනුම් දිමක් මත පොලිසිය පැමිණ ඇත.

එම නිලධාරධාරීන් නිවසේ ඉදිරි දොර කඩා පරික්ෂා කිරීමේදී නිවසෙහි සාලයේ වැටී තිබූ ඇයගේ මළ සිරුර දක්නට ලැබී ඇති අතර ගෙල සුදු පාට රෙදි කඩකින් තද කර තිබෙන අයුරු දක්නට ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි