IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නාවල විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉල්ලයි

(රංජන් කස්තුරි)

නාවල විවෘත විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ.

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය හෙට (23) සිට පුරප්පාඩුව පවතින අතර හිටපු උපකුලපති මහාචාර්ය අන්බාහන් අරියදුරෙයි මහතාගේ නිලකාලය අද දිනයේ අවසන් විය.

එම විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයකු තෝරාගැනීමේ ක්‍රියාවලිය මිට මාස හයකට පමණ ඉහතදී ආරම්භ වූ අතර උපකුලපති තනතුරට සුදුසු මහාචාර්යවරුන් තිදෙනකුගේ නම් විශ්ව විද්‍යාල සභාව මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කර තිබිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යැවූ මහචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා නැවත අයදුම්පත් කැඳවන්නැයි ජනාධිපතිකාර්යලය දැනුම්දී තිබුණු බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පවසයි.

කිසිදු හේතුවක් නොදන්වා නම් තුනම ප්‍රතික්ෂේප කිරීම දැඩි ලෙස හෙළා දකින බව ද එය සම්පූර්ණයෙන්ම දේශපාලන මැදිහත්වීමකැයි ද ආචාර්ය සංගමයේ සභාපතිවරයා කියයි.

විශ්ව විද්‍යාල පනත උල්ලංඝනය කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය අද (22 ) නාවල විවත විශ්ව විද්‍යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් ද පැවැත්විණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

නාවල විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු ඉල්ලයි

sg Wednesday, 23 June 2021 12:42 AM

ඔය පනත කාලයට අවශ්‍ය විදිහට වෙනස් කරන්න කාලය ඇවිත් තියෙන්නේ...

:       0       0

Anura Wijayapala Wednesday, 23 June 2021 02:55 AM

වියත්මගේ අයට ඕක කතා කරලා බේරගන්න තිබ්බනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site