රංජිත් රාජපක්ෂ
නාවලපිටිය ප්‍රදේශයට අද (16) පස්වරුවේ ඇදහැලුණු අධික වැසි සමඟ ප්‍රධාන මාර්ගයේ අභියස ගාල්කර තිබු ලොරි රථයක් මතට අත්තක් සහ විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
අද පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව දෙවැනි සහ තෙවැනි දුම්රිය හරස් මාර්ග අසළදීය.
ගසේ අත්ත සහ කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතිය ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (16) පස්වරු 3.00 සිට 4.00 දක්වා එක් මංතීරුවකට සීමාකර තිබේ.
ප්‍රධාන මාර්ගය ඉදිරියෙහි වූ විශාල මාර ගසක අත්තක් ඒ අසළ තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සමඟ මාර්ගය අභියස ගාල් කර තිබූ ලොරි රථයක් මතට කඩා වැටී ඇත.
මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගසේ අත්ත කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇත. නාවලපිටිය වරකාව ප්‍රදේශයට විදුලිය ද ඇණහිට තිබේ.



2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවලපිටි මාර්ගය එක් මංතීරුවකට සීමාවෙයි