
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා සහ තමන් අතර කිසිඳු ගැටුමක් නොවූ බවත් අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීම සම්බන්ධව කටයුතුවල පූර්ණ බලය විෂය භාර ඇමතිවරයා ලෙස තමන්ට පැවරී ඇති බව කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ අනුව අදාල නිලධාරියා තීන්දු කිරීම සහ පත්වීමේ ලිපිය අස්සන් කරලා බාරදුන්නේ ද තම අස්සනින් බව ද සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කිරීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරාගැනීමක් තාවකාලිකව ඉදිරිපත් වුණා. ඒක විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා. මම ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා. අපි එකඟතාවයක් එක්ක ඒ සුදුසුකම් සියල්ල තියෙන කෙනෙක් පත්කිරීමට අපි තීන්දු කළා.
ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත්කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා ඒක මම නතර කළා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පත් කරන්න හදපු පිළිකා රෝහලේ දොස්තර මහතා ගැන නම් දන්නවා... මීට කලින් ඔහු කෑගල්ල පළාත් සෞඛ්‍ය ලොක්කා ලෙස වැඩ කරන ගමන් නාරාහේන්පිට ලේ බැංකුවේ ලොක්කා ලෙසත් වැඩ බැලුවා. මොහු කෑගල්ලට කියන්නේ ලේ බැංකුවේ ඉන්නා බවත්, ලේ බැංකුවට කියන්නේ කෑගල්ලේ වැඩ බවත්ය. නමුත් මොහු ඒ දෙකේම නැත. හොඳ ගැහිලි ගැන මේ ආයතන වල සේවකයින්ගෙන් දැනගන්න...
මෙච්චරකල් කිව්වෙත් නිවැරැදි දේවල්ද?
ආ මොකෝ මේ ?පැණි වරකා ගහට හෙන ගහන්න පටන් අරන්ද ?දැන් කවුද කාලකන්නියා ?
ඉවත් වුණාට කිසිම අවුලක් නැහැ. හැබැයි අර යම් තරමින් හරි ඉල්ලීම් ටික දිනාගත්තු කාලකණ්ණි ගොඩට බැල්කනියෙන් එහෙම පනින්න හදන්න එපා.