(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද සවස විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි.
නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කළබව සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.
පස් කන්ද කඩා වැටිම නිසා එම මාර්ගයේ දිගු පොලිම් දක්නට ලැබුණි.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නුවරඑලිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නුවරඑළිය - හැටන් පාරට පස් කන්දක් කඩා වැටෙයි