






(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
රට තුළ හා ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීමත්, ඇදිරි නීතිය හමුවේ තොග ගැණුම්කරුවන් නොපැමිණීමත් හේතුවෙන් උඩරට එළවළු අස්වැන්න ගොවීන්ට විකුණා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් මෙම තත්ත්වය පත්ව තිබේ.
අස්වැන්න නෙලිය යුතු අවධියේ පසුවන එළවළු වගාවන් මේ නිසා විනාශ වී යාමට පටන් ගෙන ඇති බවත්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ඇතැම් සීමිත වෙළෙන්දන් පිරිසක් ඉතාමත් අඩු මිළකට එළවළු ලබා ගැනීමට තැත් කිරීමත් හේතුවෙන් තමන් මේ වනවිට කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
තම වගාබිම්වල සේවය කරන ලද කම්කරුවන්ටද මේ නිසා වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් ඇතුළු ඔවුන්ගේ පවුලේ පිරිස්ද මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති බවත් ඔවුහු කියති.
ඇදිරි නීතිය හේතුවෙන් එක දිනකට වෙළෙන්ඳන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, එම දිනවලට එළවළු මදි වෙන බවත්, තවත් දවසකට ඔවුන්ගේ පැමිණීම අඩුවෙන් සිදුවන බැවින් එදාට එළවළු ඉතිරි වෙන බවත් ඔවුහු කියති.
COMMENTS
ගෙවතු වගා සංග්‍රාම වගේ අනං මනං විහිළු වැඩ පටන් ගන්නේ නැතිව මේ ගොවීන්ගේ අස්වැන්න බෙදාහරින්න ක්‍රමයක් සැදුවා නං මොකද වෙන්නේ? මොකද මේ ගොවින් මුළු රටටම සැහෙන්න ආහාර නිපදවනවා. කලින් හිටපු එක්කෙනා හොදයි වගේ දැන් නං හිතෙන්නේ.
එළවලු විකුණගන්න බැරුව එහේ ගොවියෝ අසරණ වෙලා. එයාලාගෙන් තුට්ටු දෙකට අරගෙන අධික මිලට විකුණන අතරමැදියෝ නිසා මෙහේ ඉන්න පරිබෝගිකයෝ අසරණ වෙලා. අපි දන්න කාලයේ ඉදලාම තිබුනේ මේ ක්‍රමයම තමයි. මෙතෙක් මේ රටේ බිහිවුණු කිසිම නායකයෙක් මේ පිලිබදව අවදානයක් යොමු කරලා ඒකට නිසි විසදුමක් දුන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි කවදත් අසරණ මිනිසුන්ගේ ගැලවුම් කරුවෝ වුනු හමුදාව යොදවලා හෝ මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න. ඔබතුමාට ගොඩක්ම පිං.
ආණ්ඩුවට ආණ්ඩු කරගන්න දන්නේ නැහැ අප්පා. ජනක බණ්ඩාර දඹුල්ල වැහුවේ මොන කෙන් ගෙඩියකටද?
මේ කොළඹ අපි එළවලු නැතුව හුල්ලනවා...
ජනාධිපති කාර්ය සාධක බලකා තුනක්ම තියෙනව. මේ වගේ පොඩි දෙයක් විසඳලා මේ ගොවීන්ට සහනයක් දෙන්න බැරිද?
ගෙවතු වගාව හොඳයි. එහෙත් ඒ වගේම පුර්ණ කාලින ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. විකුණගන්න බැරිව ඔවුන් ලතවෙනකොට ඊයේ ගම්පහ ප්‍රදේශයේ සැම එලවලුවක්ම කිලෝව රු.200-250 ගන්නේ වික්කේ. තක්කාලි කිලෝව 250/= අතරමැදියාට හිරවී පාරිභෝගිකයත්, ගොවියාත් නැතිවෙනවා. කට්ටියක් සැම දේම වහන්න කියල බලකරනවා. වස දැමීම උත්තරය නොවෙයි. ගොවිබිම්වලින් අස්වැන්න එකතුකර බෙදාහැරීමේ ක්‍රමවේදය සකසන්න.
අනේ කරුණාකරලා යුද හමුදාව මැදිහත් වෙලා මේ අස්වනු මිලදී අරන් කොළඹ ගම්පහ වගේ ප්‍රදේශයට සිවිල් ආරක්ෂක බලකාය හරහා අලෙවි කරන්න. මෙහෙ හුඟක් නැති බැරි අය එලවලු නැතිව දුක් විඳිනවා.