(සුජිත් හේවාජුලිගේ මාතලේ සිට)
තමා බලයට පත්වීමෙන් පසුව නවීන තාක්ෂණය සහිත නව විශ්ව විද්‍යාල රැසක් රටපුරා පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේදී අද (27) පැවසීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(සුජිත් හේවාජුලිගේ මාතලේ සිට)
තමා බලයට පත්වීමෙන් පසුව නවීන තාක්ෂණය සහිත නව විශ්ව විද්‍යාල රැසක් රටපුරා පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේදී අද (27) පැවසීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් හදන්න කලින් තියෙන ටික නවීනකරණය කළා නම් නරකද?
මෙවැනි පොරොන්දු ප්‍රායෝගිකද? ට්‍රිලියන 11ක් ණයගැතිව තියෙන අප වැනි රටක් මෙවැනි මහා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන්නේ කෙසේද? අපට අවශ්‍ය මෙවැනි බොරු පොරොන්දු නොවේ. දැනට මේ රට පත් වී ඇති ණයගැති භාවයෙන් මුදාගෙන සංවර්ධනය කරන වැඩපිළිවෙළක් මින් පෙරද මෙවැනි පොරොන්දු දී පැමිණි බොහෝ රජයන් මේ රටත් ජනතාවත් තව තවත් අනාථ කළා පමණයි..
ඇමරිකාවේද?
මෙයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බහුතරයක් දේවල් ගෙඩි පිටින්ම 2015 එජාප ප්‍රකාශනයෙ තියෙන ඒවා සහ ඇතැම් ඒවා දැනට ක්‍රියාත්මකයි සහ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සැලසුම් සකස් කරලත් අහවරයි. සමහර දේවල් මහින්ද චින්තනයේ තිබිලා අවුරුදු 11ක්ම නොකරපුවා... සමහර ඒවා වචන විතරයි ලංකාවට හරියනවද කියලවත් තේරෙන්නේ නෑ..
එන්න කලින් පොරොන්දු නම් එමටයි. ආවට පස්සේ ඒ පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරිවුනේ ඇයි කියලා හේතු සාධක එමටයි. ඕක ඡන්දෙ ඉල්ලන හැමටම පොදුයි. රටයි, ජනතාවයි හැමදාමත් වලපල්ලේ...
එ්වටත් අන්තරේ බුවාලා සෙට් වෙලා පාරෙ කඳුළු ගෑස් නාන්න සෙට්කළොත් මොකද කරන්නේ බොස්..? අර සුදු පාට වාහනේ.. නැහැ මම නිකන් අැහුවේ..
බොහෝ රටවල අධ්‍යාපනය නගා සිටුවා ඇත්තේ රජයේ තත්ව පාලනය යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීමෙන්. ඇමරිකාව, යුරෝපයේ බොහෝ රටවල් මෙයට උදාහරණ.
ගෝඨා ගැන අවබෝධයක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනවා මේ කරන්න හදන්නේ රටේ තරුණ පරම්පරාව තාක්‍ෂණයෙන් පෝෂණය කිරීමේ අති දැවැන්ත ව්‍යාපාරයක් බව. අපි වගේ කුඩා දුපත් රාජ්‍යයන්ට ඇතී විශාලම සම්පත මානව සම්පතයි. කන්නන්ගරතුමා හැරෙන්න වසර 71ක් පුරා මේ රටේ දේශපාලනය කල කිසිවෙක් අධ්‍යාපනය ගැන ගෝඨා තරම් උනන්දුවෙන් වැඩපිළිවෙල සකසා නැහැ. ඒ මොකද ඔවුන් තුල පැවති කුහකත්වයයි. පසුගිය මහින්ද පාලන සමයේදීත් ඔවුන් මේ ගැන සොයා බැලුවේත් නැහැ. වත්මන් පාලන කාලයේදී එය කිසිසේත්ම සිදු වුයේ නැහැ. නමුත් අපට පෙනෙන්න තියෙනවා මහින්ද මහත්මයා ගෝඨා සමග එම අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යාමේ විශාල උනන්දුවකින් දැන් පසුවන බව. ඒ නිසා ඒ සියලු ධනාත්මක සිතුවිලි සමග ගෝඨාගේ මුලිකත්වයෙන් යුතුව අලුත් විද්වත් දේශපාලන සංයුතියක් මේ රටේ බිහිකරාවී කියා විශ්වාස කරනවා.
බොරු කියනවා, මෙයාට සල්ලි කෝ මේවට
හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම නිකම් තමන්ට හිතෙන හිතෙන දේවල් පොරොන්දු වෙන බවකුයි පෙනෙන්නේ. හැමටම පළමුව මේ කියන දේවල් වල මුදල් හොයා ගන්නේ කොහොමද කියන බව එලි කලොත් නරකද?
ලෝකේ ඕන තරම් තාක්ෂණික විශ්ව විද්‍යාල මෙහෙ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා. ඒවාට රජයේ මුදල් අවශ්‍ය නැහැ. එත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාර මේවට ඉඩ දෙන්නේ නැහැ.
අනේ හැමදාම මැතිවරණ තියෙනවා නම් කොච්චර හොඳද? කණට මී පැණි වක්කරනවා වගේ කියල ප්‍රස්ථා පිරුලකුත් තියෙනවනේ. ඒ වුණාට මී පැණි කනට දාලා වැඩක් තියෙනවායැ, කටට මිසක්. හැබැයි, ඒ මී පැණි කවදාවත් කටට වැටෙන්නේ නැති බව අපේ වහල්ලුන්ට මේ ආත්මයේදී නම් තේරෙන්නේ නෑ.
තියෙන ඒවා වැඩි දියුණු කරනවා මිසක් අලුතෙන් හදනවා කියන්නේ මහජන මුදල් නාස්ති කරන් වැඩක්. කොහොමත් මෙයාලා කැමති ඒවාගේ නාස්තිකාර වැඩ වලට තමා..
බොහොම හොඳ අදහසක්නෙ. ඒ වගේම ආණ්ඩුවේ රක්ෂා ඇති කළේ නැත්නම් රැකියා නැති උපාධි කාරයන් උද්ඝෝෂණය කරන්න පටන්ගනී, ඇත්තට කියනවා නම් ඔය කතාව ඥාන වන්තයන් විශ්වාස කරන එකක්නෑ
අලුතෙන් හදන්න කවුරුත් උනන්දුයි රුසියෝ. එතකොට තමා ඒ අයගෙ වටේ ඉන්න අයගෙයි හොද්ද බොර. එකෙක්වත් තියෙන දෙය පරිස්සන් කරගන්න, අලුත්වැඩියා කරන්න, නවීකරණය කරන්න හිතන්නෙවත් නැහැ. මේකියන විදිහට පසුගිය රජය නෙමේ ඊට කලින් තිබුණ එකෙනුත් වැඩකට ඇති දෙයක් කරළම නැද්ද කොහෙද. යුද්දේ ඉවර වෙලා දිග ඇරපු මහින්ද චින්තනේ ඉදිරි දැක්මත් එතකොට මෙය කියන්නේ වැඩක් නැති බොරුවක් කියලද? එතකොට මහින්ද අගමැති වෙලා කොරන්නේ මහින්ද චින්තනේ ඉතුරු ටිකද නැත්නම් ඝෝඨාභයාගේ ප්‍රතිප්පත්තියද? මේකත් මහින්ද චින්තනේ දිගුවක්නම් හොදයි නැත්නම් මහින්ද ගොඨාගේ හිර කාරයෙක් වෙනවා.
වැඩ ඔක්කොම චීනෙන් ණයට කරවා ගන්න . ආත්ම ගාණක් ගෙවන්න රට ණය කරවලා මාර කොමිස් පාරක් ගහන්න පුළුවනි!
ගිය සතියේ කිව්වා මෙය උසස් පෙළට පස්ස හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න ඉඩ ලබා දෙනවා කියල. මෙහෙම මිනිහකුටද ජනධිපතිකම දෙන්න හදන්නේ. තව මෝඩ කතා ඒමට කියනවා. දෙන්නම එකයි.
ලෝකෙට ණය වෙලා ගුවන් යානා නොඑන ගුවන්තොටුපොළ, ක්‍රිකට නොගහන ක්‍රීඩාංගන හරක් ළගින සම්මන්ත්‍රණශාලා හදපු සල්වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණාද?
මුලින්ම තමන්ට තියෙන නඩුවලින් බේරිලා ඉන්න. ඊට පස්සේ ඒවා ගැන කියන්න. අනිත් එක රටේ හැම පුරවැසියෙක්ම ණය කාරයෙක් කරපු අප්පච්චි ගත්තු ණය ටික පියවලා ඉන්න... නැත්නම ඕවා කරන්නත් ඉඩම් නැතිවෙයි. ඕවා චීනෙට අයිතිවෙලා තියේවි..
කවුරු පත් උනත් යාපනය ත්‍රිකුණාමලය අම්පාර සිට උදෙන් පැය 2න් වැඩට ඇවිත් හවස ගෙදරට යන කොළඹට ගම ලංවන සුන්දර හීනය අපට තිබේ. මෙය අප මැරෙන තෙක් ජීවත් වන රටයි. එය දියුණු කර ගැනීම අප විසින්ම කර ගත යුතුය.
මොනවා කියනවද? හමුදා මුලස්ථානය තිබුන ඉඩම මිලියන 1800 කට විකුණලා, මිලියන 5000 වියදම් කරලත් හදල නැති හමුදා මුලස්ථානේ වගේ තමා. කියනකොට එහෙමයි
රටේ සමස්ත දුප්පත් ජනතාව අන්ත අසරණ කරමින් දොස්තර පාදෙණිය මෙහෙයවන දොස්තර සංගමය සිදුකරන ලද අප්‍රමාණ අසාදාරන වැඩවර්ජන වල සබැ මුහුණුවර අල්පවූ හෝ බුද්දියක් තිබෙන මිනිසුන්ට නිදහස්ව සිතන්නේ නම් පසුගිය දා නෙලුම් පොකුණේ තිබුණු උත්සවයෙන් මොනවට පැහැදිලිවන්නේය.
මේ කියන්නේ සයිටම් වගේ ප්‍රයිවට් ඒවා.
ඔක්කොම හොඳයි. ඒත් දැනට තියෙන පිලුනුවුන පාඨමාලා ටිකවත් හදාගන්න පුළුවන් වුනොත් පිටවෙන උපාධිධාරීන්ට රැකියාවක් පිලිබඳ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඉන්න උපාධිධාරීන් හොඳ රජයේ සේවයේ නිකම් ඉන්න තැන්වලට විතරයි. පුද්ගලික අංශයේ බොහෝ තැන් වලදී මොවුන් හැලෙනවා. මේ වේදිකාවේ ඉන්න ජරා ජීර්ණ කල් ඉකුත්වුන නායකයෝ දුටුවම නම් නවීන තාක්ෂනය ඔබට සිහිනයක් වීමට ඉඩ තියෙනවා. තරුණ ජවයක් සහිත බුද්ධිමතුන් එකතුකර ගන්නකම් ඔය කියන කටයුතු හීනයක්.
අලුතෙන් හදන කොටනේ වැඩි කොමිස් එකක් ගන්න පුළුවන්. ඒකනේ රේල් පාරවල් හදලා කෝච්චි දානවා වෙනුවට අධිවේගී පාරවල් හැදුවේ.
වෙනත් කිසිදු අපේක්ෂකයෙක්ගෙන් දක්නට නොලැබුණ අධ්‍යාපනය වෙනුවෙන්ම විශාල අවබෝධයක් සහ ඒ වෙනුවෙන් කැපවුණු මානසිකත්වයකින් සිටින එකම අපේක්ෂකයා ගෝඨා බව පෙනී යනවා. එය මේ රටේ වෘතීයවේදීන්ගේ වැඩිවීමටත් එමගින් උත්පාදනය වන නව රැකියා සහ ඔවුන්ගේ විනිමය නිසා මෙරට දළ ජාතික ආදායමේ වර්ධනයටත් බලපානවා. අපි මෙතෙක් කාලයක් මේ රටේ දේශපාලන නායකත්වයෙන් බලාපොරොත්තු වූදේ තමයි මේ. සුබ පැතුම්..!!!
විකාර වැඩක්, ඊට පස්සේ ඒවගෙන් එලියට එන අයට මහජන මුදලින් පඩි රස්සාවල් දෙන්න ඕනේ - කිසිම අවබෝදයක් දැක්මක් නැති වැඩ දැන්වත් ඇති.
මේ කියන්නේ සයිටම් වගේ ප්‍රයිවට් ඒවා.
කොහොමද කරන්නේ? කොහෙද සල්ලි තියෙන්නේ?
මාර වැඩ ගොඩක් කරන්න යන්නේ.
ඉස්සෙල්ලම කියන්න සිරදඬුවම් විඳින දුමින්ද සිල්වාවයි තංගල්ලේ සභාපතිවයි නිදහස් කරනවද කියලා...
දැනට හිගයක් තිබෙන එකම වෘතිය වෛද්‍ය වෘත්තියයි. වසරකට 3000 ක් පමණ අවම වශයෙන් අවශ්‍ය වෙනවා රජයේ හා පුද්ගලික රෝහල් පවත්වාගෙන යාමට. නමුත් වසරකට පිටවෙන ප්‍රමාණය 1500 ක් පමණ. මෙම හිගය නිසා පෞද්ගලික රෝහල් සියල්ලම පහේ කරන්නේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්වම මෙහි සේවයේ යොදවා ගැනීමි. රජයේ රෝහල්වල සේවාවට මෙය ඉතා අහිතකර ලෙස බලපානවා. අනෙක් කිසිම වෘත්තියක (ඉජිනේරු හා අනෙකුත් තාක්ෂණිකයන්ගේ හිඟයක් නැහැ) මන්දයත් වසරකට විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලවලින් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවෙනවා. රැකියා විරහිත අයිටී හා ඉජිනේරු උපාධිධාරීන් මා දන්නවා. එබැවින් කළ යුත්තේ හිඟයක් ඇති අංශ හදුනාගෙන ඒවා ප්‍රථමයෙන් පිරවීමයි. නමුත් මොහු වෛද්‍ය අධ්‍යාපනය ගැන වචනයක් කතා නොකරයි මොහු දේශපාලන අරමුණු වෙනුවෙන් මිස රටේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවක් නොපෙනේ. තක්ෂණික අධ්‍යාපනයේ පළමුව කළ යුත්තේ පවතින විශ්ව විද්‍යාල ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන ඒමයි. විශ්ව විද්‍යාල වැඩි කිරීම නොවේ. .
කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න.
සේරටම කලින් විශ්ව විද්‍යාලවලින් පත්වුණු උපාධි ධාරීන්ට රැකියා දෙන්න. රැකියා ඉල්ලන් එනකොට වෙඩි තියපුවා මතකයි අපිට හොඳේ...
කලිනුත් ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා කියපු කෙනෙකුත් උන්නා. බල තණ්හාවට නොකරපු දෙයක් නැහැ. බලලෝභී, දුෂිත දේශපාලකයෝ කියන බොරු බේගල් වට්ටෝරු අහලා අපිට දැන් ඇතිවෙලා...
මෙතුමයි, අයියයි දෙන්නා අනුමැතිය දුන්න හිස්බුල්ලගේ ෂරියා විශ්ව විද්‍යාලයේ වගේ ඒවාද දන්නේ නැහැ.
මම ඔබ වෙනුවෙන් ජීවිතය පුදනවා. ආරක්ෂා කරනවා. සිරිසඟබෝ වගේ හිස දන්දෙමි. ඔය වගේ කතා වලට වැඩිය නම් මේවා ගොඩක් හොඳයි..!!
ඝෝඨාභය මහත්මයානනී 1960 වල තිබුනා මෙන් කාර්මික විද්‍යාල පිහිටුවන්න. අද මොරටුව විශ්වවිද්‍යාලයත් ඒ කාලේ හැඳින්වුවේ කටුබැද්ද කාර්මික විද්‍යාලය කියා. සති අග පන්ති ගණනාවක් තිබුනා. පාසල්වලට යන ළමයි සති අග පන්තිවලට ගියා JTO කියලා ඉංජිනේරු විෂය ගැන පන්තියක් තිබුනා. සති අග ගෘහ නිර්මාණ, විදුලි හා කාර්මික ඉංජිනේරු පන්තිවලින් විභාග සමත් වූ අයට ඩිප්ලෝමා සහතික ලැබුනා. එක ශිෂයෙක් සහතික ගණනාවක් ලබාගෙන සිටියා. මට මතකයි ප්‍රින්සිපල් ඔහුට කීවා ඔබ " ටොෆී පේපර්ස්" එකතු කරනවා වගේ සහතික එකතු කරනවා නේද කියා. සති අග පන්තිවල ගුරුවරු ලෙස ආවේ රජයේ ආයතනවල ඉංජිනේරුවන්. 1959 අපිට යාන්ත්‍රික ඇඳීම කියා දුන්නේ ඒ කාලේ වරාය කොමිෂන් සභාවේ සේවය කළ ඉංජිනේරුවන්. ඒ දැනීමෙන් මම SSC විභාගයේ යාන්ත්‍රික ඇඳීමේ විෂය සම්මාන ඇතුව සමත් වුනා. අපි පාසල් යන ගමන් තමයි සති අග පන්තිවලට ගියේ. නැවත කාර්මික විද්‍යාල පිහිටෙව්වොත් ත්‍රීවීලර් වලට ගොදුරුවෙන ළමයි අඩුවේවි.
සයිටම් විතරද පෞද්ගලික විශ්ව විද්‍යාල විදිහට දැක්කේ? සයිටම් ගැන විතරනේ කියවන්න ලැබුනේ. අනේද කියන්නේ මෙයාලගේ දැනුම. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධිගත් බොහොමයක් අය රට හැර යනවා. ඔබලා වගේ කුහකයින් ඉන්න රටේ ඉන්න අකමැති නිසා......