
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම නිවසකට සිටි කට්ටඬියකු පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
පැහැරගත් කට්ටඬියා පැහැරගෙන දෑත් පිටුපසට කර දම්වැලකින් ගැටගසා රැගෙන ගොස් ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඬියා සමග මංගල ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාති සහෝදරයකු ද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව කියන යතුරුපැදිය ,හිසට පහර දීමට යොදා ගත් කුඩා කුලුගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැලට දමා තිබූ ඉබි යතුර ද පොලිස් බාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඝාතනය සඳහා යොදා ගැනුණු කුඩා කුලුගෙඩිය සහ දංවැල ප්‍රධාන සැකකරු සේවය කරන ලොරි රථයේ තිබී ඇති අතර ඉබි යතුර රනාල ප්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා පොලිස් ,අපරාධ විමර්ශන අංශයයක නිලධාරීන් බව හඟවා යතුරු පැදිය නංවාගෙන රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි .
අනතුරුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට රැගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරදී කැලණි ගඟට දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිට වී ගොස් තිබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

COMMENTS