



ශ්රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (14) සහ අද (15) කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහි දෙවැනි සාකච්ඡාව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් එතුමන්ව මෙම අවස්ථාව සඳහා පිළිගන්නා ලදී.
තවද, ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයෙකු වශයෙන් කෙන්තාරෝ සොනූරා මහතාද මෙම අවස්ථාව සඳහා එක්විය.
දෙවැනි දිනයේ සාකච්ඡාව ආරම්භ කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියඅද්මිරාල් නිරාජ ආටිගල මහතා ජපන් නියෝජිත පිරිස පිළිගන්නා ලදී.
දින දෙකක් පුරා පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහභාගී විය.
එහි ප්‍රධානත්වය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා විසින් දරණ ලද අතර, ජපාන නියෝජිත පිරිසේ ප්‍රධානත්වය හිරෝයුකි හබුචි මහතා විසින් දරණ ලදී.
දෙරට අතර ප්‍රථම වරට පවත්වන ලද මෙම මාණ්ඩලික සාකච්ඡා මාලාව තුලින් දෙරටේ මිත්‍රත්වය සහ අනෝන්‍ය සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට හේතු විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති සහ කෙන්තාරෝ සොනූරා මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 04
473
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවික හමුදාව හා ජපාන ආරක්‍ෂක බළකාය අතර මාණ්ඩලික සාකච්ඡා
menna Friday, 15 February 2019 03:09 PM
ඇයි දැන් ලංකාවට ඔච්චර ජාත්‍යන්තරයෙන් එක එක පාර්ශව පැමිණෙන්නේ. ලංකාවේ යුද්ධය අවසන් වෙලා රට ස්ථාවර වෙලා හින්දා කියලයි මට හිතෙන්නේ... ලංකාවේ නැවත යුද්ධයක් ඇති නොවීමට වගබලා ගැනීම සැම දෙනාගේම වගකීමක්...