(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ඉගෙනුම ලබන සිසුවකු මාස දෙකක කාලයක් අමානුෂික ලෙස නවක වධයට ලක්කර කොඳු ඇට පෙළට හානි කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
එම සිසුවා අද(29) දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබූ බවද පොලිසිය පවසයි.
මෙසේ නවක වධයට ලක්ව ඇත්තේ බටහිර මුදුන්කොටුව, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු කළමනාකරණ පීඨයේ පළමුවසරේ සිසුවෙකි.
මෙම සිසුවා ජූනි 3 වැනි දින උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ලියාපදිංචි වී කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී එහි දෙවන හා තෙවන වසරවල සිසුන් මාස දෙකක කාලයක් දිනපතා නවක වධයට ලක්කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය කියයි.
ඉකුත් 2 වැනි දින නවක වධයට ලක් වීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන්ද, දේශීය වෛද්‍යවරයකුගෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර, කොඳු ඇට පේළියේ ඇදයක් හටගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මේ හේතුවෙන් අගෝස්තු 2 වැනි දින සිට එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා එහි යාමෙන් වැළකී ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට ද නියමිතය.
සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.
දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
පෝලිමට තියල වෙඩි තියන්න ඕනා .
ඔන්න ඔය වගේ නවක වධයට ලක්වෙන හැමෝම පොලීසියට පැමිණිලි කරනවානම් ඔය මානසික ලෙඩ්ඩු ටික හදාගන්න පුළුවන් .
මෙයට වගකිවයුතු මානසික ලෙඩ්ඩු වහාම අත් අඩංගුවට ගන්න ඕන. විමර්ශනයෙන් පසු ඔප්පු වෙන අයගේ නම් ගම් හෙළිකරන්න.ඕන කමින් කොදු ඇට පෙලක් කඩනවා කියන්නේ මිනීමැරීම හා සමානයි. මරණ දඩුවම දෙන්න බැරි නම් මානසික රෝහලට ඇතුලත් කරන්න කටයුතු කරන්න. එලියට එන්න දෙන්න එපා. මේ වගේ ප්‍රශ්න ඔලුව අතගගා විසදන්න බෑ.
නවක වදයට ලක් වෙන පලමු දවස් දෙක ඇතුළත පැමීනිලි කලා නම් අනතුරු වලින් බේරෙන්නට තිබුනා . පැමීනිලි කලා නම් ඕවා ඉක්මනින් ඉවර වෙයි . මානසික අසහන කාරයෝ කොහෙත් ඉන්නවා නේ .
නවක වදය දුන්න අයගේ නම් හා ගම්බිම් විස්තර ඉදිරිපත් කලොත් සොයාගැනීම පහසුවේවි. එවැනි වැරදිකරුවන්ගේ විස්තර නොදීම නවකවද දුන්න අයට අනුබලදීමකි.
විශ්ව්විද්‍යාල වල ඉන්න උපකුලපතියොත් රැග් තියෙනවට කැමැති නම් මේවා නවත්තනේ කොහොමද?. ශිෂ්‍යයොන්ට පාලනය බාර දිලා එයාලා ගිහිල්ලා ජනාධිපති තුමා සින්දු කියන තැන් වල අත්පුඩි ගහනවා. ශිෂ්‍යයන්ට මේවා කරන්න අනුබල දෙන ආචාර්‍ය වරු ගොඩක් ඉන්න වා.
මේ මානසික ලෙඩ්ඩු වහාම ශිෂ්‍ය භාවය අහෝසිකර පිස්සන් කොටුවේ විශේෂ කුටියක රඳවන්න. එහි සිටින වැදගත් මානුෂික මහත්මා ගති ඇති රෝගීන්ටද මොවුන්ගෙන් හානි පැමිණිය හිකි බැවිනි.
නිරෝගී සුවයෙන් පැමිණි ශිෂ්‍යාට රෝගී තත්වයක් අත් කරදුන් මානසික විකෘර්ති අමුනුස්ස වර්ගයට දෙන්න සුදුසුම දඩුවම. රෝගී දරුවාට අනාගතයට ගැලපෙන ලෙස වන්දි මුදලක් නියම කරන්න ඕන, ජයාරූප ප්‍රසිද්ද කරන්න ඕන, රජයේ හෝ පෞද්ලිගලික අංශයේ රැකියා නැ. මුන්ව ජිවිත කාලය පුරාවටම ඉතා දුක්කිත ලෙස කාලය ගතකරන්න සලස්වන්න ඕන
මෙයාලගෙ දෙමාපියන්ටත් දඩුවම් කරන්න ඕන . මෙවැනි අය තවදුරටත් නොහදන්න.
නීතියෙන් මේ අය බේරෙනවා මුන් ලෙඩ්ඩු