( +++ සුජිත් හේවාජුලිගේ)
නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ නිලධාරිනියක පැවැසුවේ රත්නප්‍රිය මහතාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි.
රත්නප්‍රිය මහතාට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000කි. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණි).
සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.
රත්නප්‍රිය මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරුම් දුන්නේය.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වූ සමන් රත්නප්‍රිය මහතා ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයකම පුරෝගාමියෙකි.
COMMENTS
අඩුතරමින් පරිවාස කාලයක් නැද්ද ? ඕනෑම රැකියාවකට ගියත් පරිවාස කාලයක් තිබෙනවා නොවේද ?
එතකොට ජයම්පති වික්‍රමරත්න පාවිච්චි කල වාහනයට මොකද වෙන්නේ...? කැම්පස් ඉන්න කාලේ කොහොමද සමන් රත්නප්‍රිය ගේ තිබුන සමාජ වාදය, සමාජ සාධාරණය ගැන කතා.
යහපාලනය වෙනුවෙන් බැහැලා වැඩ කළ කෙනෙක්. පක්ෂයේ කට්ටිය ලොක්කව මරා ගෙන කන්න හදන කොට කොන්දේසි විරහිතව ලොක්කා වෙනුවෙන් පෙනී හිටියා. එකක් නොවෙයි දෙකක් දෙන්න.
අපි බදු ගෙවමු.
මේ වගේ අයට වාහන මොනවටද?
ජනතාවගේ සේවයට ද ?
පිනට ලැබෙන වරප්‍රසාද.
ඔන්න රත්නප්‍රිය මන්ත්‍රී තුමාට තම අසරණ ජනතාව ගැන සිතා බැලීමට කදිම අවස්තාවක්. යහපත් උදාහරණයක් රටට සැපයීමට අවස්තාවක්.
රට ගැන හිතන්න. වැඩ කරන්න දුප්පත් ජනතාව ගැන හිතලා.
තියෙන වාහන මදිද? මොකක්ද මේ වෙන්නේ ?
ජයවේවා ඔබතුමාට අලුත්ම සැප පහසු කාර් එකක් ගන්න පුළුවන්. අනේ මට නම් සතුටේ බැරුවා, ඕක අරගෙන උදේ හවහ කෝච්චියේ පොල් පටවාගෙන එල්ලිලා යන දුප්පත් අපට සේවයක් කරන්න.
මෙවැනි මෝඩ ක්‍රියා නවත්වන්න නීති ගෙන්න ක්‍රමයක් නැද්ද,
කෝ දැන් “අර මග මේ මග “ගෙන හිටපු අය. තාම සිරිසේන ජනපති රනිල් අගමැති වගේ. රට ඉදිරියට ?
ඉරිසියා කරන්න එපා. එය එතුමාට ලැබෙන වරප්ප්‍රසාදයක්. ඔබටත් අවශ්‍ය නම් මැති සබයට යන්න
දැන් මෙයා මාස දෙකකින් එළියට පන්නා දැම්මාම මේ මුදල් රජයට අයකර ගන්නේ කෙසේද? අඩුගණනේ මේ ණය මුදලට ඇපයක් වත් නැද්ද? යකාගේ තරමට තමයි මාලිගාව තියෙන්නේ ඕනේ.... එ්ත් මෙයාට...? තව සුමාන 2 මේක පරක්කු කර ගත්තොත්... රටට ශේප් වෙන්න පුළුවන්...
ඔයා ගන්න අපි බදු ගෙවන්නම් සර්...
එක වේලක් කාලා සමහර වෙලාවට ඒකත් නැතුව පාසල් යන දරුවන් දහස් ගණනක් ඉන්න රටක මේ වගේ සල්ලි කාබාසිනියා කරන්නේ මොන හිතකින්ද හප්පා? පුදුමාකාර කාලකන්නි හැඟීමක් එනවා... රටේ දේශපාලනය ගැන...!
මෙයාට දියයුත්තේ ගොන් කරත්තයක්...
ජරාව කන්න පටන් ගත්තා... ඔබ අවංක පුද්ගලයෙක්නම්, මේ රට වැටී තිබෙන අවධානම දන්නවානම් ඔබට හැකියාවක් තිබියයුතුයි මෙය ප්‍රතික්ෂේප කරන්න. දියවන්නාවට ගිය කෙලෙස් ප්‍රහින කල කෙනෙක් පවා " ජරාව" ට පුරුදු වෙනවා. එයයි අපේ රටේ අවාසනාව කියන්නේ.
විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙත් නැති එකේ මේකෙන් වත් කීයක් හරි හම්බකර ගන්න කියලා වෙන්න ඇති දෙන්න ඇත්තේ. ලබන ඡන්දෙන් පස්සේ ඔය කාටකාටත් ගෙදරට වෙලා අතීත ඔල මොට්ටලකම් ආවර්ජනය කරමින් හූල්ල හූල්ලා ඉන්නනේ වෙන්නේ...
කෙස් පැලෙන අලුත්ම තර්කයක් බලාපොරොත්තු වන්න.
අර පහුගිය කාලේ මෙයා කතාකරපු වංචාව-දූෂණය වගේ වචන දැන් අමතක ඇති. ඩොලර් කුට්ටි එහෙනුත් ගත්තා.. මෙහෙනුත් ගන්නවා. මොවුන් මේ වාහනවල නැගලා යහතින් යයිද..?
හුරේ... තව කෙනෙක් වැඩ පටන් ගත්තා...
ඔන්න කෑ ගැහුවට රාජපක්‍ෂ පාලනයේ රෙදි ගැලවෙනවා. මහජනතාව හොඳට බලාගෙන ඉන්න. තව සෙල්ලම් එළිවෙන ජාමෙට...
නිකමෙක්ට... මහජන මුදල් නාස්ති කිරීම පාපයක් නොවන්නේද මිනිසුනේ.. මේ ඔක්කොම පන්නමු මේ සැරේ...
කියන්නේ රට බංකොලොත් කියලා. අලුතින් මන්ත්‍රී කමක් දුන්න ගමන් මතක් වෙන්නේ අලුත් වාහනයක් ගන්න. රට දියුණු වෙනකන් බැරිද පැරණි වාහනේ පාවිච්චි කරන්න. නව රජයෙන් ම මේ ආදර්ශය දිය යුතුයි.
කෝටි ගාණක වාහනයක් දෙන්න මේ මනුස්සයාගෙන් රටට වෙන සෙත මොකක්ද? 225 වැඩක් නැති මැති ඇමති නඩත්තු කරන්න කෝටි ප්‍රකෝටි වියදම් කරනවා. මොකක්ද මේ විහිළුව?
ඔය පහසුකම් මුකුත් දෙන්නේ නැත්නම් ඔය දේශප්‍රේමී, රජවරු කියාගන්නා කවුරුවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ. රටට ඇත්තටම ආදරේ ඇති උගතුන් විතරයි යන්නේ...