(තරිඳු ජයවර්ධන සහ දිනේෂ් උපේන්ද්‍ර)
වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි සැකපිට එම විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනකු අද රාත්‍රී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබූ අතර, ඔවුන් නවකවදයට එරෙහිව කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වයඹ සරසවියේ පළමු වසර සිසුන්ට නිශ්චිත ඇඳුමකින් සැරසී සරසවියට පැමිණෙන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් උපදෙස් දී ඇති බවත්, සිසුන් 30 දෙනකු පමණ සාමාන්‍ය ඇඳුමින් සැරසී දේශනවලට ගොස් ඇති බවත් පොලිසිය කියයි.
එදින රාත්‍රියේ නවකවදයට එරෙහිව මූලිකත්වය ගත් සිසුන් තිදෙනකු මෝටර් රථයක නැගී රාත්‍රී ආහාරයට යමින් සිටියදී විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදීම එම පහරකෑමට ලක්වූ බව ඔවුන් පොලිසියට දුන් ප්‍රකාශවල සඳහන් වේ.
පහර දීම සිදු වී සති තුනක් ගත වුවද සැකකාර ජ්‍යෙෂ්ඨ සිසුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පහර කෑ සිසුහු පසුගිය සතියේ පොලිස්පතිවරයාට, පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
ඒ අනුව අද අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා හෙට (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
කොළඹ සරසවියේ " මැනේජ්මන්ට් ෆැකල්ටි " එකේ මේ දිනවල මහා අශෝභන විදිහට නවක වදය දෙනබව ආරංචියි. මෙයට සහභාගි වෙන්නේ 3 වෙනි සහ 4 වෙනි වසරවල ශිෂ්‍යයින් 20ක් 25 ක්පමණවූ කණ්ඩායමකි. මේ නවකවදයට ලක්වූ නවක ශිෂ්‍යයන් මේ කණ්ඩායම කෙරෙහි දැඩි වෛරයෙන් පසුවේ. එක නවක ශිෂ්‍යයෙක් "පිස්තෝලයක් ගෙනත් මුන් ඔක්කොටම වෙඩිතියලා මමත් මැරෙනවා " කියලා කිව්ව බවකුත් ආරංචියි. විනය භාරව සිටින අය මේ ගැන නොදන්නවා ගානට ඉන්නවාලු. මේ යන විදිහට ගියොත් ...සමහරවිට කිහිපදෙනෙක්ම මරෙන්නටත් බැරි නැහැ. වගකිව යුත්තන්, අධ්‍යාපන මැති ඇමතිවරු මේ ගැන කුමක්ද කියන්නේ..? මේවා මහා පුදුම කතා. කෙසේවෙතත් ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම කියා තියෙනවානේ නවක වදය තහනම් කරනවා කියලා. මේ නවක වධය දෙන කණ්ඩායම ඇවිත් තියෙන්නේ ඈත ගම්බද පළාත්වලින්ලු. ඔවුන්ට නගරයේ ශිෂ්‍යයින්ව පෙන්වන්න බැරිලු. කෙසේවෙතත් මේ මානසික ප්‍රතිකාර අවශ්‍ය ජේෂ්ට ශිෂ්‍යයින් ගැනසොයාබලා පියවර ගන්නාමෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. ඔවුන්ට මේ අයව පාලනය කිරීමට නොහැකිනම්.. විශ්ව විද්‍යාලයෙන් පිටතදී ඔවුන් අමතක නොවන පාඩමක් ඉගෙනගනිවි.
රටේ ඉන්න කොන්ද නැති ඇමතිවරු මේවට වග කිව යුතුයි. සැකකරුවන් අල්ලන්ට සුමාන තුනක් ගත වෙන තුරු පොලිසිය පොල් ගැවාද?
ෂෙහාන් , ඔබ කිව කතාවම ගිය සුමානේ මගේ යහළුවකුගේ දුවෙක් කීවා. අපි උත්සාහ කරන්නේ ඔය කියන ' වධකයින්ගේ ' ෆොටෝ ටිකක් අරගන්න මුලින්ම.කොළඹ විශ්වවිද්‍යාලයේම ඉන්න කිහිපදෙනෙක් මට උදවු කරන්නම් කියලා දැනුම් දුන්නා.අපි බලමු.
මගේ දුවෙකුත් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිපාලන පීඨයේ දැන් සුමාන 3ක් තිස්සේ මේ ජරා නවක වධයට ලක්වෙමින් ඉන්නේ. දන්වන්න අවශ්‍ය හැම තැනටම දැන්වුවා. එ්ත් මෙය තවමත් එසේම සිදුවෙනවා. අවුරුදු 4න් පසු මැනේජ්මන්ට් පීටයේ උපාධිය දෙන්නේ මේවගේ මානසික අබාධ තියෙන පිස්සන්ට නම් තවත් මොන කතාද..? අපි අපේ දුවව කොළඹ යුනිවර්සිටි එකෙන් අයින් කරගෙන විදේශීය විශ්වවිද්‍යාලයකට යවන්නයි දැන් කටයුතු කරගෙන යන්නේ. මොකද අපේ දරුවාගේ ජීවිතය අපිට වටිනවා.
ප්‍රංශය වගේ රටවල නවක වදය නීතියෙන්ම තහනම් කරලා තියෙන්නේ.... යමෙක් යමෙකුට නවක වදය දීලා අහුවුනොත් හරි පැමිණිලි කළොත්.. එහෙ නීතියට අනුව, නවක වදය දුන් තැනැත්තාව වහාම විශ්ව විද්‍යාල ශිෂ්‍යභාවයෙන් ඉවත් කරනවා. අභියාචනා නැහැ. වෙන විශ්ව විද්‍යාලයකටත් ඉල්ලුම් කරන්න අවුරුදු 5 ක් බලාගෙන ඉන්න වෙනවා. ඒ රටවල වෙනත් උද්ඝෝෂණ ඒමට තිබුණත් නවක වදය වැනි " පිස්සන්ගේ වැඩ " ඒවාවල නැහැ. ඇයි අපේ රටේ පාලකයෝ මේ නවක වදය ' නීතියෙන් ' තහනම් කරලා නීතියෙන්ම දඬුවම් නොදෙන්නේ..? නවක වදයෙන් කවුරු හරි ශිෂ්‍යයෙක් හරි ශිෂ්‍යාවක් මැරුනොත් නම් ඒ මිනිය විකුණාගෙන කන්න ඕන තරම් දේශපාලකයින් නම් අපේ රටේ ඉන්නවා නේද..?
නවක වදය අවසන් කරමු. බැරිනම් සියලුම විශ්ව විද්‍යාල අහෝසි කරමු මෙම මැරවරයෝ සදහටම එළවමු. බැරිනම් ඇමති එළවමු.
නවක වදකයන් ජීවිත කාලයටම පන්ති තහනම් කළ යුතුයි.
විශ්වවිද්‍යාල වලට තේරුණු ළමුන් යනු ඉහළ ලකුණු ලබාගත් බුද්ධි මට්ටමින් ඉහල යයි කීමටද "පුළුවන් ". (සියල්ලම දන්නෝ නොවනබවත් අමතක නොකරන්න). එහෙව් දරුවන් පිරිසක් "අන්තරේ යයි කියාගන්න ජඩ සමිතියක ඉන්න නූගත් මෝඩ අන්දරේලාගේ මෝඩ අනසකට "යටත්වන්නේ කෙසේද යන්න පොදුවේ අප සියල්ලන්ටම නැගෙන ගැටලුවකි. මෙසේ වැරදි කරපු පිරිසක් මෑතකදීත් දඬුවම් වලින් නිදහස් කළා නොවේද? එමගින් ගම්‍ය වන්නේ පරිපාලනය විසින්ම මෙවන් නීච ක්‍රියාවන්ට අනුබල දෙනවා නොවේද?
පොලීසියට බැරිනම් ඔය වධකයින්ව මට්ටු කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕනේ... මේ බහුභූත නවක වද තිබෙන්නේ ලංකාවේ පමණි. එංගලන්තයේ, ඇමරිකාවේ, ජර්මනියේ විශ්ව විද්‍යාලවල මෙවැනි විකාර නැත.
මේ අපේ අනාගත පරපුර මෙසේ නිවට ලෙස හැසිරෙන්නේ ඔව්නට කිසිදු මුදල් පිලිබදව වගකීමක් නැති නිසා නොවේද? ඔබ, මම ,අප සියල්ලෝම මේ දරුවන්ගේ අධ්‍යාපනය සදහා වෙන්කරන මුදල් වෙනුවෙන් බදු ගෙවනවා නොවේද ? එහෙව් පුරවැසියන් වන අප සියල්ලොමටම වගකීමක් මෙන්ම අයිතියක් තියෙනවා මේ දරුවන් වල්මතුවන් ලෙස , බුරුවන් ලෙස හැසිරෙන්නේ ද යන්න සොයා බැලීම, එලෙසම ඔවුන්ව යහමග ගැනීමට නිත්‍යනුකූලව දඩුවම් කිරීම කල යුතුබව අපගේ අදසයි. මෙසේ නිවටය ලෙස හැසිරෙන්නේ මොන සිසුවාද ඔවුන්ව සදහටම මෙම ආයතනවලින් නෙරපා දැමිය යුතුය.
මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි
උසස් අධ්‍යාපන ඇමතිතුමෝ, ඔබ බුදිද? ලංකාවේ අධ්‍යාපනය නැත්තටම නැති වෙනකන්ද බලන් ඉන්නේ... ඉස්සෙල්ලාම ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන අන්තර් ශිෂ්‍ය විශ්වවිද්‍යාල බල මණ්ඩලය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. මේවා නවත්තන්න බැරි ඇමතිවරුන් කරන්න පුළුවන් මිනිහෙකුට දීලා ගෙදර පලයල්ලා. නැත්නම් වෙන්නේ අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ගේ ජීවිත නැති වෙන එක විතරයි. රටේ උසස් අධ්‍යාපනය හදාරලා ළමයින් යන්නේ වධකාගාරයකටද?
නවකවදය යනු හීනමානයට තවත් නමකි. මොවුනට නගරයේ පාසල් වල ඉගෙනුම ලැබූ , ඉංග්‍රීසි කතා කල හැකි උගත් මධ්‍යම පාන්තික පවුල වලින් පැවතෙන සිසුන්ව පෙන්වන්න බැරිය. හැබැයි තමන් යන්නට උත්සහ කරන්නෙත් එතැනටයි. ඒ නිසා මේ මානසික ලෙඩ්ඩු ටික අල්ලලා හිරේ දමනු. අපි පණ යනකන් බදු ගෙවන්නේ ළමයින්ට ඉගෙන ගැනීමට මිසක් පිස්සු නැටීමට නෙවෙයි .
කොළඹ විශ්වවිද්‍යාලයේ ඔය "අන්තරේ" කියන පිස්සෝ තවම නැහැ. එහෙ නවකවදය දෙන්නේ කොහේදෝ ඈත පිටිසර ඉඳලා ආපු නරුම බයියෝ ටිකක්. අපිත් මේ අය ගැන සෝදිසියෙන් ඉන්නේ. මගදී අහුවුනොත් නම් ඔය වධකයින්ට දෙවියන්ගේම පිහිටයි.