IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ

(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය සහ පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරිණි.

ඉතා නවීන පහසුකම්වලින් සමන්විතව පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය නවීකරණය කර තිබේ.

පාර්ලිමේන්තුවට රූපවාහිනී හා ගුවන්විදුලි පටිගත කිරීමේ මැදිරියක් ලබාදීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වරටය.

මෙය නවීකරණය කර ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ (USAID) දායකත්වයෙනි. 

මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරුන් වන කුෂානි රෝහණදීර, ටිකිරි ජයතිලක, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රීඩ් ඇශිල්මාන් යන මහත්ම මහත්මීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (0)

නවීකරණය කෙරුණු පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 823 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 357 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site