
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ වාර්ෂීක නිලවරණය ලබන 26 වැනිදා පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරු පිරිසක් කොළඹ දිසා අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණ කමිටුවේ සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න , එම සංගමය ඇතුළු 10 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පැමිණිල්ලේ මෙසේද සදහන් වේ.
රට තුළ කොවිඩ් වසංගතය උග්‍ර ලෙස පැතිර පවතී.එමෙන්ම රට තුළ සංචරණ සීමාද පනවා ඇත.
මෙම තත්ත්වය තුළ නිලවරණය පැවැත්වීම නීතියට පටහැනි වේ.ඒමගින් කොවිඩ් රෝග තවදුරටත් ව්‍යාප්ත විය හැක.
එබැවින් මෙම නිලවරණය පැවැත්වීම වළකාලන වාරණයක් නිකුත් කරන්නැයි පැමිණිලිකරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd