IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිලධාරීන් 126 දෙනා 16 ට වැටීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රය අර්බුදයක

(විනීතා එම් ගමගේ)

තානාපති කාර්යාලවලට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් ආපසු ගෙන්වා ගැනීම හේතුවෙන් ‍විදේශ රැකියා කෙෂත්‍රය කඩා වැටීමකට ලක්ව ඇතැයි බලපත්‍ර ලාභී විදේශ රැකියා ඒජන්සිකරැවන්ගේ සංගමයේ (ඇල්ෆියා) සභාපති එම්.එස්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

රැකියා ඇණවුම් ලබාගැනීමේ සිට ඒ ඒ රටවල සේවය කරන ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම දක්වා කිසිදු කටයුත්තක් සිදුනොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් 126 දෙනක් ‍විදේශ රටවල සිටි නමුත් මේ වනවිට සිටින්නේ 16 දෙනෙකු පමණක් යැයි පෙන්වා දුන් ඒ මහතා ඩුබායි ඕමාන් කටාර් යන රටවල් හැර අනෙක් සියලු රටවල සිටින්නේ කම්කරුවකු හෝ රියැදුරකු පමණකැයි ද කියා සිටියේය.

කාර්යංශය පාඩු පිට පවත්වාගෙන යන බැවින් මෙසේ ‍නිලධාරින් ගෙන්වා ගත් බව අමාත්‍යවරයා පවසතත් කාර්යංශය කිසිසේත්ම පාඩු පිට පවත්වාගෙන යන්නේ නැතැයි ද රුපියල් බිලියන 12 ක මුදල් තැන්පතුවක් ද කුවේට් වන්දි මුදලේ රුපියල් බිලියන තුනක් ද ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඇල්ෆියා සභාපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ රේණුකා හෝටලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා විදේශ රටවලට නිලධාරින් යැවීමේ දී ඒ ඒ රටවල භාෂාව දන්නා හා ඩිප්ලෝමාව ඇති නිලධාරින් යැවිය යුතු යැයි අමාත්‍යවරයා කියන නමුත් තම සංගමය ඊට විරුද්ධ බවත් යැවිය යුත්තේ ඉහත සුදුසුකම් ඇති වසර දහයක වත් කාර්යංශය තුළ පළපුරුද්ද ද ඇති නිලධාරින් පමණකැයි ද කියා සිටියේය.

එවැනි සුදුසුකම් නැති 40 දෙනෙකු යැවීමේ උත්සාහයක් ගැන මේ වනවිටත් වාර්තා වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒජන්සිකරැවන් පිටරටින් එන මුදල් වංචාකරන බවට අමාත්‍යවරයා චෝදනා කර ඇතැයි ද එසේ වංචා කර ඇතැයි ඔප්පු වුවහොත් තමන් ඒජන්සියේ ලියාපදිංචිය අවලංගු කරගන්නා බවත් කී සභාපතිවරයා එවැනි චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වුවහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු යැයි තමන් යෝජනා කරන බවද කියා සිටියේය.

මේ කඹ ඇදිලිවලින් දුක් විදින්නේ අහිංසක වැසියන් යැයි කී ඔහු ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජය වහා මේ පිළිබඳ මැදිහත්ව කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.



අදහස් (3)

නිලධාරීන් 126 දෙනා 16 ට වැටීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රය අර්බුදයක

Pradeep Tuesday, 09 March 2021 12:29 PM

අපොයි, විදෙස් ශ්‍රමිකයින් ගැන මෙතුමාට තිබෙන කැක්කුම. තානාපති නිලධාරීන් වැඩ කරන හැටි, ලාංකික විදෙස් ශ්‍රමිකයින්ට සලකන හැටි ගැන අහන්න ඕනෑ අදාල රටවල ශ්‍රමිකයින්ගෙන්ම තමයි. එයාලා කියලා දෙයි මේ නිලධාරින්ගේ වැඩ කොහොමද කියලා. අවශ්‍ය නම්වලින් කියන්න පුළුවන් කරපු දේත් එක්කම...

:       0       10

SAMADHI Tuesday, 09 March 2021 01:01 PM

අනේ යන්න... මහා සද්ගුණවත් විදේශ සේවය. මම මේ සෞදි එම්බසියේ රෙජිස්ටර් වෙලා දැන් අවුරුද්දකුත් පැනලා තවම එක කෝල් එකක් ආවේ නැහැ ලංකාවට යන්න.

:       0       9

Raveendra Tuesday, 09 March 2021 03:46 PM

අනේද කියන්නේ මරික්කාර් මොනවද දන්නේ? නිකන් කියවනවනේ.. 126 න් 16 ක් නෙවේ 126 ම ගෙන්වන්න තියෙන්නේ. පිංගුත්තරයින්. අපි නොදන්න විදේශ සේවය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site