(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල රක්ෂිත වනය තුළ අනවසරෙන් බෝග වගා කර ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
බුළුපිටිය නිල්ගල අතර ප්‍රදේශයක රක්ෂිත වනයේ අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක පුද්ගලයෙකු කෙසෙල් වගාවක් පවත්වාගෙන යමින් තාවකාලික නිවසක්ද ඉදිකර තිබෙව බවද, මෙතෙක් කිසිදු නිලධාරියෙකු නීතිය ක්‍රියාත්මක කර නැතිබවද ඔවුහු කියාසිටිති.
රක්ෂිත වනය තුළ නිතර නීතිවිරෝධි ක්‍රියා රැසක් සිදුවන බවද ජනතාව කියාසිටිති.
මේ පිළිබඳව බිබිල අඩවි වන නිලධාරි වයි.සී.එස් ගුණවර්ධන මහතාගෙන් විමසු විට කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අනවසර වගාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කෙහෙල් නම් කමක් නෑ මිනිසුන්ට කෑමට ගන්න දෙයක් නේද. රටට අවශ්‍ය දෙයක්. රක්ෂිතය තියෙද්දී වගාකලාට කමක් නෑ.