(නාලක සංජීව දහනායක)
රාජකාරී ගිනි අවිය ගෙන කළහකාරීව හැසිරුණ තෙබුවන පොලිසියේ නිළධාරියා සිද්ධිය සිදුවූ මොහොතේම අත්අඩංගුවට ගත්තද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව තමන්ටද ප‍්‍රශ්නයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය.
සාමාන්‍ය පුද්ගලයෙක්ට මෙවැනි චෝදනාවක් එල්ලවූයේනම් පළමුව ඔහු අත්අඩංගුවට ගෙන පසුව පරීක්‍ෂණ සිදුකරන බවත් කී අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් එවැන්නක් සිදුනොවීමෙන් මෙම පරීක්‍ෂණ පිටුපස යම් ගැටලූවක් තිබෙන්නේ යැයි තමන්ටද සිතෙන බවද ඔහු කිය.
එමෙන්ම යුද්ධයෙන් පීඩාවටපත්වූ සාමාන්‍ය ජනතාවට වන්දි ගෙවීම හානිපූර්ණ කිරීමේ කාර්යාල පනත හරහා සිදුවන බවත් පැවසූ අමාත්‍යවරයා එම පනත විපක්‍ෂය පවසන පරිදි බයානක පනත්ක නොවන බවද පැවසීය. මෙම පනත පිළිබඳව ජනතාව හා විපක්‍ෂ දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීම රජයේ වගකීමක් බවැන් ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු පැවසීය.
කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරුන් සිටින බවට තමන් කළ ප‍්‍රකාශය විපක්‍ෂය විකෘති කර ඇති බවත් කී අමාත්‍යවරයා රෝ ඔත්තු සේවය සමඟ සබඳකම් පවත්වන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ නැති බවට ප‍්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට හොඳ සහතිකයක් දී ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර කතාකිරීමේ තේරුමක් නැතැයිද පැවසීය.
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම ප්රශ්නයක්‘