(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ නායයාම සම්බන්ධයෙන් ඩ්‍රෝන දත්ත සමික්ෂණයක් කිරිමට මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය උදේනි නවගමුව මහතා ඇතුළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පිරිසක් අද (17) නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරයක නිරතවිණි.
මෙම සංචාරයේදි නායයාමට ලක් වු ප්‍රදේශය එම පිරිස විසින් නිරීක්ෂණයට ලක් කළ අතර ලබාගත් ඩ්‍රෝන දර්ශන ඔස්සේ තවදුරටත් නායයාමේ අවධානමක් පවතිනවාද යන්න පිලිබදවත් මෙම නායයමෙන් කොපමණ පස් ප්‍රමාණයක් ජලාශට ගසාගොස් තැන්පත් වි ඇත්ද යන්න පිළිබදවත් තව කොපමණ පස් ප්‍රමාණයක් නායයාමට තිබේද යන්න ගණනය කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂයට එක් වු විද්‍යාඥයකු පැවසීය.
නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වු ප්‍රධාන මාර්ගය වෙනුවට නායායාමට ලක් වු ස්ථානයට ඉහළින් සැහැල්ලු වාහන සහ ජනතාවට ගමන් කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනට තිබෙන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවති.
මෙම සමික්ෂණයට එක් වු මොරටුව විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජේෂ්ඨ උපදේශක අචාර්යය උදේනි නවරත්න මහතා කියා සිටියේ කමන් ලබාගත් දත්ත පදනම් කරගනිමින් නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය යලිත් එම ස්ථනයේම ඉදි කිරිමට හැකිද යන්න වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ඉදිරියේදි ලබාදෙන බවයි.
මෙම නායයාම හේතුවෙන් නිවස පහක් කාසල්රි ජලාශයට කඩාගෙන වැටි අතර තවත් නිවාස දෙකක් නායයමේ අවධානමට ලක් වි ඇත.
එම නිවාස වල පදිංචි පවුල් 7 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථිරවම ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයා කටයුතු කර තිබේ.
නායයාමෙන් අවතැන් වුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥතින්ගේ නිවස්වල නතර වි ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිමට අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය කටයුතු සංවිධානය කර ඇත.





2025 නොවැම්බර් මස 17
111
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
954
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2555
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නෝර්වුඩ් නායයාම ගැන ඩ්‍රෝන දත්ත සමීක්ෂණයක්
123 Thursday, 18 October 2018 04:02 AM
හොඳ අදහසක්.
mohomed faizel Thursday, 18 October 2018 07:03 AM
අසීමිත , අපිළිවෙලට සිදුවන ජන ව්‍යාපෘති