(රංජිත් රාජපක්ෂ)
හැටන්, නොර්වුඩ් නගරයේ ප්‍රධාන වීදියේ වෙළඳසැල් පේලියක අද (25) අලුයම හටගත් ගින්නකින් වෙළඳසැල් තුනක් විනාශ වී ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි.
ගෑස් අලෙවි කරන වෙළඳසැලකින් ගින්න හටගෙන ඇති අතර, සිල්ලර වෙළඳසැලක් පූර්ණ වශයෙන්ද, තවත් වෙළඳසැලක් අර්ධ වශයෙන්ද විනාශ වී ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් හානි වී නොමැති බවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.
පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව පාලනය කර ඇත.
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර නොර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.