(යොහාන් භාසුර)

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ වදාකඩ සහ පොතුහැර අතර කොටසට අනවසරෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් තිදෙනකු අද (25) පෙරවරුවේ පොලිසියට බාර වූයේ යැයි පොලිසිය පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු වූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ සිටි තරුණයන් දෙදෙනකු ඊයේ (24) පස්වරුවේ මරණයට පත්වූහ.

එම සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ සිටියේ යැයි කියන අද දින පොලිසියට බාර වූ පුද්ගලයන් තිදෙනා පලාගොස් තිබූ බවත් ඔවුන්ට එරෙහිව සංචරණ නීති කඩකිරීම සහ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුල්වීම යන චෝදනා යටතේ ද, පොදු දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් ද, වෙන වෙනම නඩු පවරණ බවත් පොලිසිය පැවසීය.

නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දේශබන්දු සේනාරත්න මහතා ඇතුළු නිලධාරීහූ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.