(නිමල කොඩිතුවක්කු)

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ තිරුකුමාර් නඬේසන් මහතා සිදුකරනු ලැබූ ගණුදෙනු පිළිබඳ පැන්ඩොරා පත‍්‍රිකා මගින් හෙළිදරව් වූ ආන්දෝලාත්මක කරුණුු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැන්ඩොරා පත‍්‍රිකා මගින් හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 18 කගේ අත්සන් සහිත එම පැමිණිල්ල භාරදෙනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, ජේ. සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)