
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු, හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගොඩ පදිංචි ,හපන් පේලිගේ ශ්‍යාමල් සුරේන්ද්‍ර රාජපක්ෂ නමැති,(47) පුද්ගලයකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයාට කලක සිට වැළඳී තිබූ හෘද රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ,ඉකුත් 14 දා රාත්‍රි ලෙබනන් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇතැයි පැවසේ, පසුව මෙම පුද්ගලයා දියගම තාක්ෂණ විශ්වවිද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර එහි රැඳී සිටියදී ඊයේ (15) දා ,රාත්‍රී 11.30 පමණ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා, හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුරදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව හෝමාගම මූලික රෝහලට දේහය රැගෙන ආ විගස ,මුද්‍රා තබා මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමෙන් පසුව,,හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බී.එච්.කේ.චින්තක උදයකුමාර මහතා දේහය පරීක්ෂා කිරීමෙන් පසුව ,විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකු ලවා ,පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට, මෘත දේහය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට රැගෙන යන ලෙස ,මීගහ වත්ත පොලිසියට නියෝග කළේය.
ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය දී (17) ද සිදු සිදුකිරීමට නියමිතය.
.මියගිය පුද්ගලයා දිවයිනට පැමිණි විගස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාවට අනුව කොරොනා රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි ද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය සහ මීගහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් හදිසියේ මිය යයි