(නිමන්ති රණසිංහ)
කොතලාවල ආරක්ෂක පනතට එරෙහිව පාර්ලිමේන්තු පාරේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නීති කඩ කළැයි වැලිකඩ පොලිිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සේවා සංගම් සාමාජිකයන් සහ සමාජවාදී ශිෂ්‍ය සංගම් සාමාජිකයන් ඇතුළු සැකකරුවන් 33 දෙනකු එක් අයකුට 25,000 ක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හළ සැකකරුවන් වන්නේ, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ජෝෂප් ස්ටාර්ලින් මහතා සහ භික්ෂූන් වහන්සේ තුන් නමක්, කාන්තාවන් තිදෙනකු ඇතුළු සැකකරුවන් 33 දෙනෙකි.
ඇප දිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කොට නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය අධිකරණයෙන් ඉල්ලීම් කරන්නේද යන්න මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය පොලීසියෙන් ප‍්‍රශ්න කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කළත් ඇප මත නිදහස් වුවත්, බත්තරමුල්ල ප‍්‍රදේශය භාර වෛද්‍ය නිලධාරියා ලබා දුන් වාර්තාවකට අනුව මෙම සැකකරුවන් දින 14ක කාලයක් අනිවාර්යෙන්ම නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගත යුතුව ඇති බව මෙහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd