IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායනයට යවන මගීන්ගෙන් මුදල් අයනොකරන බව යුද හමුදාපති කියයි

(ඉන්දිකා රාමනායක)

ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා යොමු කරනු ලබන  දෙස් විදෙස්  පිරිසෙන්  කිසිදු මුදලක් අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා  යුද හමුදාපති    ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

  නිරෝධායන මධ්‍යස්ථාන   සදහා යොමු කරන පුද්ගලයන්ගෙන් ආහාර සදහා රුපියල්  7500 ක මුදල් අයකරන බවට සමාජ මාධ්‍ය ජාල වල පලවන   වීඩියෝවක් සම්බන්ධයෙන්  ලංකාදීපය හමුදාපතිවරයාගෙන්   කළ විමසුමකට පිළිතුරු  දෙමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය වල  පලවන   ප්‍රවෘත්ති සම්බන්ධයෙන්    අවධානය යොමු නොකළ යුතු බවත්  නිරෝධායන  සදහා මුදල් අය කිරීමක් කිසිසේත්ම සිදුනොකරන  බවත් හමුදාපතිවරයා වශයෙන් තමන්  ඉතාමක් වගකීමෙන්  ප්‍රකාශ කරන බවද හමුදාපතිවරයා කියා සිටියේය. 

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන්  මෙම  ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන ඇති බවද  හෙතෙම කීය.

 මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා 2000-2500 අතර පිරිසකට සියලු පහසුකම්  සහිතව  නේවාසිකව නිරෝධායනය  කටයුතු කිරීමට අවශ්‍ය සියළු පහසුකම් මේවන විට සුදානම් කර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය. 

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සියයක් පමණ පසුගිය පැය 48 ක කාලය තුළ මඩකලපුව පුනානී සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන්හී එම නිරෝධායන ක්‍රියාවලිය සිදුකිරිමට අවශ්‍ය සියලු පහසුකම් සූදානම් කළ බවද    හමුදාපතිවරයා කියා සිටියේය. 

හදිසි අවස්ථාවක රෝගින් 300 කට පමණ ප්‍රතිකාර කිරිම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානය සුදානම්ව ඇති බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

නිරෝධායනයට යවන මගීන්ගෙන් මුදල් අයනොකරන බව යුද හමුදාපති කියයි

siri Tuesday, 10 March 2020 11:13 AM

මෙම සිදුවීමේ අවුල් සහගත තත්වය පෙන්වන වීඩියෝ පට දෙක තුනක් සහ ආහාර සහ පානීය ජලය සඳහා මුදල් අයකරන බව සඳහන් වෙන ලිපියක පිටපතක්ද අන්තර්ජාලයේ පල කර තිබෙනවා. දැන් කවුරු මොන නිවේදන නිකුත් කළත් මේවා බොරු වෙන්න බැහැ. මෙම පිරිස මඩකලපුවට ගෙනයාම සඳහා සුදානම් කළ වැඩපිළිවෙලෙහි ඇති ව්‍යාකූලත්වය නිසා එතන ඉන්න ආණ්ඩුවේ නිලධාරින් කර කියාගන්නට දෙයක් නොමැතිව ඉතාම අසරණ තත්වයට පත්ව ඇති අන්දමයි එම වීඩියෝ පටයේ පෙනෙන්න තියෙන්නේ.

:       5       140

NuwanTuesday, 10 March 2020 11:34 AM

සියල්ලන්ගේ යහපත වෙනුවෙන් මෙවැනි වැඩපිළිවෙලක් සකස් කළ සියලු දෙනාට ප්‍රණාමය හිමිවෙන අතර ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන විදෙස් විනිමය එවන අපේ මිනිස්සුන්ගෙන් මේ සදහා මුදල් කිසිසේත්ම අය කළයුතු නොවේ. මන්ද ඔවුන් නව රැකියා ගිවිසුම් සදහා රු 11000 ද රැකියා ගිවිසුම් අලුත් කිරීම් වලදී රු 4000 ක් විදේශ සේවා නියුක්තියට ගෙවල යන්නේ එන යන හැම පාරම. දැන් ඉතින් ඔය රක්ෂණ වලට කියල ගත්තු සල්ලි යොදවන්න මේවට. ඇමතිලට ලක්ෂ 6ත පුටු ගන්න රටක් මේක.

:       0       129

ලියන්නා Tuesday, 10 March 2020 11:21 AM

එහෙනම් කූට ලේඛණ ප්‍රදර්ශණය කරලා. අනික මේක හමුදා රජයක්ද හමුදාපති රාජ්‍ය නිවේදන නිකුත් කරන්නේ ?

:       9       139

Ajith Tuesday, 10 March 2020 11:52 AM

මේ කොරියාවේ ඉඳල ජන්දේ දාන්න ආපු නැති තැනැත්තන් වෙන්න ඇති මුදල් අයකරන්නේ.

:       1       115

Champa Tuesday, 10 March 2020 12:54 PM

ඒ වැඩෙත් අනාගෙන වගේ. හැඳල රෝහල ලැස්ති කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැම පහසුකමක්ම තියෙනවා. කෑම වලටත් සල්ලි වෙන් කරලා තියෙනවා. මම දන්න විදිහට දාහක් විතර මිනිස්සු දාන්න පුළුවන්. එතකොට තව අර කොරෝනා ලෙඩ්ඩුන්ට පැය 24 න් හැදුවා කියලා කිව්ව දියතලාවේ ආමි කෑම්ප් එකේ රෝහල තියෙනවා. මේ කිසි දෙයක් නැති අලුත් ගොඩනැගිල්ලක මිනිස්සු නිරෝධානය කරන්න තීරණය කිරීම හරිම අදූරදර්ශී තීරණයක්. ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති ලේකම්ගේ ප්‍රයෝගික දැනීම නම් බින්දුවයි වගේ නේද ?

:       0       4

පිටිගල මිලානෝ Tuesday, 10 March 2020 01:08 PM

ඡන්දෙ කාලේ කොරියාවේ ඉඳලා ඡන්දෙ දාන්නම ආව මේ කොරියන් කාරයෝ පිළිගත්තේ මල්මාලා දාලා. මේ මෝඩ අයත් හැසිරුනේ මාර පොරවල් වගේ. හිතන් එන්න ඇති මේ පාරත් ආව ගමන්ම මල්මාලා දාලා පිළි අරන් අරලියගහ මන්දීරේට තේ බොන්න අරන් යයි කියලා. කාමරේක දාලා ඒක තොගේට හිරකරලා හත්දාස් පන්සීයකුත් අරන් තමයි මඩකලපු බෝඩිමට යවන්න ලැස්ති වෙන්නේ.

:       0       1

Gamage Wednesday, 11 March 2020 03:47 AM

පට්ට කෙබර දෙසන්නේ. සල්ලි ගරලා දැන් පත්තුවෙනකොට ශේප් වෙන්න හදනවා. හැමදේම ඔහොම තමයි. කොන්ද පන නැති ආණ්ඩුවක්. සයින්දමර්දු වලට වෙනම පාලන ඒකකයක් දීලා මිනිස්සු විරුද්ධ වෙනකොට නැවැත්තුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31172 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13325 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10960 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 892 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site