(විනීතා එම් ගමගේ)
තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතියට අවසර දීමට පෙර විශේෂඥ කමිටුවක වාර්තාවක් කැඳවීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
ඒහි රොන් මඩ ඉවත් කිරිමට අවසරඉල්ලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පෞද්ගලික සමාගමකින් ඉල්ලීමක් ලැබී ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් එහි යැවූ බවත් ඔවුන් තමන් වෙත වාර්තාවක් ලබා දී ඇති බවත් කියා සිටියේය.
එම වාර්තාව අනුව මෙතෙක් එහි කරන ලද රොන්මඩ ඉවත් කිරීම්වලින් වැවට හානි සිදුව නැතැයි පෙනී යන බව කී ඔහු එහෙත් අවසර ලබා දීමට ප්‍රථම යලි විශේෂඥ කමිටුවක නිර්දේශ ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.
ඒ් සඳහා අවසර ලබා දුන්නත් ඒහි කටයුතු සිදුවිය යුත්තේ පුරාවිද්‍යා නිලධාරින්ගේ අධික්ෂණය යටතේ යැයි කොන්දේසියක් සමග අවසර ලබා දෙන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
මනතුංග මහතා මේ අදහස් පළ කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පසුගිය 7 දා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමද කියන්න කිව්වේ මාධ්‍යයට?
එක පැත්තක හම්බරැල පුරාවිද්‍යා ඉඩම් අල්ලාගෙන හොර ඔප්පු හදාගෙන අයිතිකර ගන්නවා... ඒවාට කථා නැහැ.. වැව සුද්ද කරන්න ගියාම විශේෂඥ දැනුම හොයනවා. අනේද කියන්නේ..?