IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක්

(රංජන් කස්තුරි)

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ  එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.

මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය.



අදහස් (20)

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක්

ජයරත්න Monday, 18 March 2019 04:09 PM

අර වෙනිසියුලාවේ වුණා වගේද? චීනය ඇමරිකාවෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ?

:       0       33

ධනුෂ්කMonday, 18 March 2019 05:38 PM

ඒකත් මාරයි කල් යල් බලලා ඔක්කොම අඩපන වෙන්නේ එකවර. පුද්ගලික බලාගාර වලටනම් හොඳ පල්ලම. ඇත්තටම පුද්ගලික බලාගාරයක් දාගත්තනම්, මේ වගේ අමාරු වෙලාවල් බලලා රජයේ බලාගාරවල බලදාරීන්ටත් හොඳ ගානක් දීලා ඒ බලාගාර අඩපන කරලා. ඊට පස්සේ විදුලිය නිපදවලා විකුණන්න තිබුනා

:       1       220

mendisMonday, 18 March 2019 07:55 PM

ඒක තමයි, තමන්ගේම සුර්ය කෝෂ සවි කර ගත්තනම් එක එක පදේට නටන්නට ඕනේ නැහැ.

:       21       71

Amila Monday, 18 March 2019 04:19 PM

2019 වුණාට තාම හරියට විදුලියවත් දීගන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක...! ආර්ථිකය ගැන කවර කතාද?

:       49       270

PerakumMonday, 18 March 2019 11:32 PM

ඇයි අමිල දන්නේ නැද්ද අපි දැන් ඉන්නේ ඩිජිටල් ආර්ථිකයක නේ.

:       2       45

විජිත් Monday, 18 March 2019 04:36 PM

මෙවැනි විශාල බලාගාරයක අනිවාර්යයෙන්ම "back up " පද්ධතියක් තිබිය යුතුමයි. නමුත් අපේ රටේ ඉන්න පණ්ඩිතයන් මේවා ගැන හිතන්නේ නැහැ. තවමත් ඒ කියන්නේ මේ 21 වෙනි සියවසේත් අතින් ක්‍රියාකරවන සින්ක්රෝනයිසර්ස් පාවිච්චි කරන්නේ... ස්වයංක්‍රීය සින්ක්රෝනයිසරයක් මිලි තත්පර කිහිපයකින් පද්ධති දෙකක් එක්කරන අතර අතින් ක්‍රියාකරන යන්ත්‍රයකින් සමහරවිට පැය ගණනකටවත් එය කිරීමට නොහැක. විදුලි මාෆියාව දැනට අවුරුදු 6ක පමණ සිට ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වුණා. ලෝකයේම දියුණු රටවල් දැන් දැන් න්‍යෂ්ටික විදුලි උත්පාදන යන්ත්‍ර ටිකෙන්ටික අඩු කිරීමට තීරණය කර හමාරයි. පසුගිය මාසයේ යුරෝපයේ දැවැන්ත ලෙස න්‍යෂ්ටික විදුලිය උත්පදනය කරන ස්පාඤ්ඤය තීරණය කළා... 2020දී සියලුම න්‍යෂ්ටික බලාගාර වසා දමන්න. නමුත් අපේ රටේ පණ්ඩිතයෝ ටික දැන් ප්ලෑන් කරනවා.... අනාගතයේදී න්‍යෂ්ටික විදුලි බලාගාර හදන්න. මුළු ලෝකයෙන්ම වගේ ගල් අඟුරු බලාගාර වසා දැමූ පසු අපේ අය තීරණය කළා... ගල් අඟුරු බලාගාර හදන්න. පරිසරයට හෙනගහපන් - අපිට අපේ කොමිස් ලැබුනොත් ඇති කියලා, චිනාගේ අයින්කරපු ජරාවක් ගෙනාවා. එ්ක තමයි ඔය නොරොච්චෝලේ.. කියන්නේ. මංකොල්ලකාරයින් රැලක් විසින් විනාශකළ රටකට අනාගතයක් තිබේද..?

:       522       1151

mendis Monday, 18 March 2019 04:47 PM

සුර්ය කෝෂ ප්‍රචලිත කිරීම වහා ඇරඹිය යුතු කාලය පැමිණ ඇත.

:       9       245

Hafeel Monday, 18 March 2019 05:11 PM

කෝ අර ආසියාවේ හොඳම මුදල් ඇමති, වර්තමාන විදුලි ඇමති? එයා කිව්වනේ කිසිසේත්ම විදුලි කප්පාදු වෙන්න නැහැ කියලා...

:       30       220

manoj perera Monday, 18 March 2019 07:54 PM

විජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්තයි. මම දැනට සිටින රටෙත් පුනර්ජනනීය බලය යොදාගන්නට සැලසුම් හදනවා. එත් අපේ රටේ අය තවමත් ගල් අඟුරු වලින් බැට කනවා.

:       2       57

CHATHURA Tuesday, 19 March 2019 01:58 AM

විජිත් මහත්තයෝ චීනගෙන් ගෙනාපු ජරාවෙන් තමයි ලංකාවේ විදුලි ඉල්ලුමෙන් 45% නිපදවන්නේ අනිත් ඒවාට මොකද වුනේ? ඒ ජරාව නැත්නම් අදටත් චන්ද්‍රිකා මහත්මියගේ කාලේ වගේ රටම පැය 2 විතර අදුරේ මම හිතනවා ඔබ තුමාට ඒවා මතක ඇති කියලා මොකද නමේ හැටියට මට වැඩ වයසින් වැඩි මහත්තයෙක් වගේ පෙන්නේ..

:       241       225

නීල් පරණගම Tuesday, 19 March 2019 09:35 AM

චතුර, විජිත් කියලා තියෙන දෙයෙහි අන්තර්ගතය තේරුම් ගන්න. ඔහු කියන්නේ අපි තවමත් මේ ලෝකයේ අන්ත අඩියේ අතගානා ජාතියක් කියලයි. එය බොරුද..? දැනට අවුරුදු50 කට කලින් අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටවල් අද අපිව පසුකොට ඉදිරියට ගිහින්, එත් අපි හිටියාටත් වඩා පසු පසට ගිහින්. අද ලෝකයේ දුප්පත්ම රටවල් පවා විශාල ලෙස පුනර්ජනනීය ශක්තිය ගැන අවධානය යොමුකර ඇති අවස්ථාවක අපි තවමත් ලෝකයෙන් අයින් කල ගල් අඟුරු මත යැපෙන ජාතියක් වී සිටිම ගැනයි. මේ රටේ නව දේශපාලන මතවාදයක් ඇතිකරන ඕනෑම කෙනෙකුට ඔහුගේ සහය හිමිවෙනවා. නාගානන්ද, පල්ලෙවත්තවගේ අයට.ඒ මොනවාටවත් නොවෙයි මෙරට ලස්සන රටක් වෙනවා දැකීමටයි.ඔහු දැනට ජිවත්වන රටේ අයට ආඩම්බරයෙන් කියන්න මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. මේ පිටුවේ ඉන්න පරණ අය ඔහු ගැන දන්නවා.ඔහු භෞතික විද්‍යාඥයෙක් කැනඩාවේ ජිවත්වන. තව දෙයක් තියෙනවා, ඔහු මේ පිටුවේ ඉන්න කිසිකෙනෙක්ව විවේචනය කරන්නෙක් නොවීමයි.ඒ නිසයි මේ පිටුවේ අය ඔහුට කැමති. ඔහු කියන්නේ මේ ප්‍රශ්න සියල්ලටම මුල අයාලේ යන දේශපාලනය සහ යුගයට නොගැලපෙන තාක්ෂණය පාවිච්චිකිරිම ගැනයි.

:       0       80

jayath Tuesday, 19 March 2019 02:45 AM

මේ බඩ කඩිත්තුව හැමදාම කැඩෙනවා. ඊට පස්සේ එක එක කතා තියනවා නමුත් ඒ කාලේ මේක කලේ නැත්නම් මේකෙන් දෙන 900 mw කොහෙන්ද ගන්නේ ? ඉන්දියාවෙන්ද ? අදටත් මණ්ඩලය ඉදිරිපත් කරපු ජනන සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආචාර්ය සියඹලාපිටිය වගේ ප්‍රවීණයෝ කියන දේවල් අහන්නේ නැහැ 2019 විදුලි අර්බුදයක් ගැන පුරෝකථනයක් තිබුන මේක කැඩුනත් නැතත් , රවී ඇමතිතුමා කෘතීම වැසි අතිකෙරුවත් නැතත් ඒක වේවි , අර LNG බලාගාරය ගැනත් තවම තීරණයක් නැහැ ඒ ගැනත් රසවත් කතා තියනවා කව්රු ඇත්ත කියනවද දන්නේ නැහැ කොහොම උනත් මුළුරටම තියෙන්නේ "අඳුරේ " නෙව

:       19       83

vipula Tuesday, 19 March 2019 05:10 AM

ඔක්කොම නොරෙච්චෝලේට බනිනවා. නමුත් රජයේ සියලුම ආයතන ඇතුළු මුළු රටටම විදුලිය දෙන්නේ නොරෙච්චෝලෙන්. මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්නකොට බැන්නා නොරෙච්චෝලේට. අද වෙනකම් මහා පරිමාණ විදුලි බලාගාරයක් හිතලම නැහැ . අවුරුදු හතරක් ගියා පොඩි පොඩි සුර්ය කෝෂ විතරයි ඔලුවේ තියෙන්නේ . එකත් සාමාන්‍ය ජනතාවට මිලදීගන්න කියනවා. අඩුම ගන්නේ රාජ්‍ය ආයතන වල ඒවා නැහැ. දැන් කොලඹ ඉදිවෙන මහා පරිමාණයේ අහස උසට දිවෙන මාලිගා බදු හෝටල් වලට විදුලිය දෙන්නෙත් තියෙන බලාගාර වලින්. රටේ නියගය නැතත් විදුලිය කපන්නේ මෙම හෝටල් වලට ගන්න මහා පරිමාණ විදුලිය නිසා.

:       0       20

Soma dubayi Tuesday, 19 March 2019 06:12 AM

රාජපක්ෂලා මේ බලාගාරේ හරියට හැදුවේ නැති නිසා රටම අඳුරේ.

:       31       6

Perera Tuesday, 19 March 2019 06:15 AM

මම සුර්ය කෝෂ ගන්න ණයක් ගන්න මාස තුනක් බලන් ඉන්නවා රජයේ බැංකුවකින්, තාමත් ගන්න බැරි වුනා. සල්ලි ඉල්ලුවේ මගේ සල්ලි තියලා එත් බැරි වුණා. ඉතින් වෙන මොන කතාද.

:       0       28

සුරංග Tuesday, 19 March 2019 06:37 AM

ඕක කැඩෙනවට වඩා ඇතුලෙ අයටම පගාව දීලා කඩනවා කියලයි මට හිතෙන්නේ. එතකොට ඕක අලුත්වැඩියා කරන්න යන කාලයෙදි ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගන්න පුලුවන්නෙ. ඩීසල් බලාගාර අයිතිත් විදුලි බල මණ්ඩලයේම අධ්‍යක්ෂකයින්ගෙ පවුල් වලට කියලයි ආරංචිය. ඒ කියන්නෙ ඒ අයම ඒ අයගේ කඩෙන් බඩු ගන්න සල්ලි පාස් කරනව වගේ වැඩක්.....

:       0       104

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 19 March 2019 07:50 AM

නොරොච්චෝලේ කරච්චලේ කොමිස් අරන් ලොකු අය දානවා සමච්චලේ

:       11       4

සෙනෙවි Tuesday, 19 March 2019 02:41 PM

විදුලි කප්පාදුවත් සමග සූර්ය කෝශ විදුලි උත්පාදනයද ස්වයංක්‍රීයව නතර වේ. එය මෙහි දුර්වලතාවයයි. හොඳ බැටරි පද්ධතියක් තිබේ නම් එම අවස්ථාවේ නිශ්පාදනය වන විදුලිය ගබඩා කලහැක. නමුත් එම සරල ධාරාව නැවත ප්‍රත්‍යා ව්‍යර්ථ කර රාත්‍රී කාලයේ භාවිතා කළ හැක. සූර්ය කෝශ මා සවිකර ඇත. ඉතා සාර්ථකයි. Power cut එකට විසඳුමක් නොවේ. නමූත් power cut එකකට යාම දවාලට මෙම විදුලිය වැඩි පුර නිශ්පාදනය මගින් කල්දමා ගත හැක

:       0       4

Bamunuarachchi Wednesday, 20 March 2019 12:58 AM

සෙනවි "විදුලි කප්පාදුවෙදී සූර්ය කෝෂ විදුලි උත්පාදනයද ස්වයංක්‍රියව නතරවේ" මේ ගැන තව ටිකක් විග්‍රහ කරනවාද? ස්තූති!

:       2       1

Bamunuarachchi Wednesday, 20 March 2019 01:02 AM

පෙරේරා අදාළ බැංකුවට ගිහිල්ලා මැනේජර්ගෙන් කෙලින්ම අහන්න? බැංකුවෙන් උත්තර එනකම් බලාගෙන ඉන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 632 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 517 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2138 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2154 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 226 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2589 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site