(රංජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.
මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.
මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වෙනිසියුලාවේ වුණා වගේද? චීනය ඇමරිකාවෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ?
2019 වුණාට තාම හරියට විදුලියවත් දීගන්න බැරි පාලකයෝ ඉන්න රටක් මේක...! ආර්ථිකය ගැන කවර කතාද?
මෙවැනි විශාල බලාගාරයක අනිවාර්යයෙන්ම "back up " පද්ධතියක් තිබිය යුතුමයි. නමුත් අපේ රටේ ඉන්න පණ්ඩිතයන් මේවා ගැන හිතන්නේ නැහැ. තවමත් ඒ කියන්නේ මේ 21 වෙනි සියවසේත් අතින් ක්‍රියාකරවන සින්ක්රෝනයිසර්ස් පාවිච්චි කරන්නේ... ස්වයංක්‍රීය සින්ක්රෝනයිසරයක් මිලි තත්පර කිහිපයකින් පද්ධති දෙකක් එක්කරන අතර අතින් ක්‍රියාකරන යන්ත්‍රයකින් සමහරවිට පැය ගණනකටවත් එය කිරීමට නොහැක. විදුලි මාෆියාව දැනට අවුරුදු 6ක පමණ සිට ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වුණා. ලෝකයේම දියුණු රටවල් දැන් දැන් න්‍යෂ්ටික විදුලි උත්පාදන යන්ත්‍ර ටිකෙන්ටික අඩු කිරීමට තීරණය කර හමාරයි. පසුගිය මාසයේ යුරෝපයේ දැවැන්ත ලෙස න්‍යෂ්ටික විදුලිය උත්පදනය කරන ස්පාඤ්ඤය තීරණය කළා... 2020දී සියලුම න්‍යෂ්ටික බලාගාර වසා දමන්න. නමුත් අපේ රටේ පණ්ඩිතයෝ ටික දැන් ප්ලෑන් කරනවා.... අනාගතයේදී න්‍යෂ්ටික විදුලි බලාගාර හදන්න. මුළු ලෝකයෙන්ම වගේ ගල් අඟුරු බලාගාර වසා දැමූ පසු අපේ අය තීරණය කළා... ගල් අඟුරු බලාගාර හදන්න. පරිසරයට හෙනගහපන් - අපිට අපේ කොමිස් ලැබුනොත් ඇති කියලා, චිනාගේ අයින්කරපු ජරාවක් ගෙනාවා. එ්ක තමයි ඔය නොරොච්චෝලේ.. කියන්නේ. මංකොල්ලකාරයින් රැලක් විසින් විනාශකළ රටකට අනාගතයක් තිබේද..?
සුර්ය කෝෂ ප්‍රචලිත කිරීම වහා ඇරඹිය යුතු කාලය පැමිණ ඇත.
කෝ අර ආසියාවේ හොඳම මුදල් ඇමති, වර්තමාන විදුලි ඇමති? එයා කිව්වනේ කිසිසේත්ම විදුලි කප්පාදු වෙන්න නැහැ කියලා...
විජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්තයි. මම දැනට සිටින රටෙත් පුනර්ජනනීය බලය යොදාගන්නට සැලසුම් හදනවා. එත් අපේ රටේ අය තවමත් ගල් අඟුරු වලින් බැට කනවා.
විජිත් මහත්තයෝ චීනගෙන් ගෙනාපු ජරාවෙන් තමයි ලංකාවේ විදුලි ඉල්ලුමෙන් 45% නිපදවන්නේ අනිත් ඒවාට මොකද වුනේ? ඒ ජරාව නැත්නම් අදටත් චන්ද්‍රිකා මහත්මියගේ කාලේ වගේ රටම පැය 2 විතර අදුරේ මම හිතනවා ඔබ තුමාට ඒවා මතක ඇති කියලා මොකද නමේ හැටියට මට වැඩ වයසින් වැඩි මහත්තයෙක් වගේ පෙන්නේ..
මේ බඩ කඩිත්තුව හැමදාම කැඩෙනවා. ඊට පස්සේ එක එක කතා තියනවා නමුත් ඒ කාලේ මේක කලේ නැත්නම් මේකෙන් දෙන 900 mw කොහෙන්ද ගන්නේ ? ඉන්දියාවෙන්ද ? අදටත් මණ්ඩලය ඉදිරිපත් කරපු ජනන සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආචාර්ය සියඹලාපිටිය වගේ ප්‍රවීණයෝ කියන දේවල් අහන්නේ නැහැ 2019 විදුලි අර්බුදයක් ගැන පුරෝකථනයක් තිබුන මේක කැඩුනත් නැතත් , රවී ඇමතිතුමා කෘතීම වැසි අතිකෙරුවත් නැතත් ඒක වේවි , අර LNG බලාගාරය ගැනත් තවම තීරණයක් නැහැ ඒ ගැනත් රසවත් කතා තියනවා කව්රු ඇත්ත කියනවද දන්නේ නැහැ කොහොම උනත් මුළුරටම තියෙන්නේ "අඳුරේ " නෙව
ඔක්කොම නොරෙච්චෝලේට බනිනවා. නමුත් රජයේ සියලුම ආයතන ඇතුළු මුළු රටටම විදුලිය දෙන්නේ නොරෙච්චෝලෙන්. මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්නකොට බැන්නා නොරෙච්චෝලේට. අද වෙනකම් මහා පරිමාණ විදුලි බලාගාරයක් හිතලම නැහැ . අවුරුදු හතරක් ගියා පොඩි පොඩි සුර්ය කෝෂ විතරයි ඔලුවේ තියෙන්නේ . එකත් සාමාන්‍ය ජනතාවට මිලදීගන්න කියනවා. අඩුම ගන්නේ රාජ්‍ය ආයතන වල ඒවා නැහැ. දැන් කොලඹ ඉදිවෙන මහා පරිමාණයේ අහස උසට දිවෙන මාලිගා බදු හෝටල් වලට විදුලිය දෙන්නෙත් තියෙන බලාගාර වලින්. රටේ නියගය නැතත් විදුලිය කපන්නේ මෙම හෝටල් වලට ගන්න මහා පරිමාණ විදුලිය නිසා.
රාජපක්ෂලා මේ බලාගාරේ හරියට හැදුවේ නැති නිසා රටම අඳුරේ.
මම සුර්ය කෝෂ ගන්න ණයක් ගන්න මාස තුනක් බලන් ඉන්නවා රජයේ බැංකුවකින්, තාමත් ගන්න බැරි වුනා. සල්ලි ඉල්ලුවේ මගේ සල්ලි තියලා එත් බැරි වුණා. ඉතින් වෙන මොන කතාද.
ඕක කැඩෙනවට වඩා ඇතුලෙ අයටම පගාව දීලා කඩනවා කියලයි මට හිතෙන්නේ. එතකොට ඕක අලුත්වැඩියා කරන්න යන කාලයෙදි ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගන්න පුලුවන්නෙ. ඩීසල් බලාගාර අයිතිත් විදුලි බල මණ්ඩලයේම අධ්‍යක්ෂකයින්ගෙ පවුල් වලට කියලයි ආරංචිය. ඒ කියන්නෙ ඒ අයම ඒ අයගේ කඩෙන් බඩු ගන්න සල්ලි පාස් කරනව වගේ වැඩක්.....
නොරොච්චෝලේ කරච්චලේ කොමිස් අරන් ලොකු අය දානවා සමච්චලේ
විදුලි කප්පාදුවත් සමග සූර්ය කෝශ විදුලි උත්පාදනයද ස්වයංක්‍රීයව නතර වේ. එය මෙහි දුර්වලතාවයයි. හොඳ බැටරි පද්ධතියක් තිබේ නම් එම අවස්ථාවේ නිශ්පාදනය වන විදුලිය ගබඩා කලහැක. නමුත් එම සරල ධාරාව නැවත ප්‍රත්‍යා ව්‍යර්ථ කර රාත්‍රී කාලයේ භාවිතා කළ හැක. සූර්ය කෝශ මා සවිකර ඇත. ඉතා සාර්ථකයි. Power cut එකට විසඳුමක් නොවේ. නමූත් power cut එකකට යාම දවාලට මෙම විදුලිය වැඩි පුර නිශ්පාදනය මගින් කල්දමා ගත හැක
සෙනවි "විදුලි කප්පාදුවෙදී සූර්ය කෝෂ විදුලි උත්පාදනයද ස්වයංක්‍රියව නතරවේ" මේ ගැන තව ටිකක් විග්‍රහ කරනවාද? ස්තූති!
පෙරේරා අදාළ බැංකුවට ගිහිල්ලා මැනේජර්ගෙන් කෙලින්ම අහන්න? බැංකුවෙන් උත්තර එනකම් බලාගෙන ඉන්න එපා.