(සමන් පාලිත නානායක්කාර)
තද වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටරත්මලේ සහ කහගොල්ලෙ පවුල් 77ක පුද්ගලයින් 335ක් ආරක්ෂිතව ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පිටරත්මලේ වත්තේ පහළ කොටසේ පවුල් 23ක පුද්ගලයින් 95 දෙනෙකු පිටරත්මලේ අංක 2 විදුහලේද කහගොල්ල වතුයායේ පහළ කොටසේ පවුල් 54ක පුද්ගලයින් දෙසිය හතළිස් දෙනකු කහගොල්ල දෙමළ විදුහලේද තාවකාලිකව රඳවා ඇතැයිද පිසූ ආහාර ඇතුළු සහන ලබාදීමට කටයුතු කරමින් ඇතිබවද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ අංශය පවසයි. කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ලැබීමත් සමග භූමියේ නායයාමේ පූර්ව ලක්ෂණ මතුවූ බැවින් මෙසේ පුද්ගලයින් පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
COMMENTS
දේවෝ වස්සතු කාලේන...
මුළු කඳුරටම නාය යනවා. අපේ රටේ ස්වාභාවික අලංකාරයටත්, ජනතාවටත්, සංචාරක කර්මාන්තයටත් පොදුවේ මුළු රටටත් විශාල හානියක්. දුර දිග බලා පිළියම් යෙදිය යුතු බරපතල ප්‍රශ්නයක්.
වහිනවා වහිනවා ඉවරයක් නැහැ. වහින වැහිල්ල කොච්චරද කිව්වොත් කවදාවත් නැතුව පූජා භූමිත් යටවෙලා. කතරගමත් යටවෙලා...