(තිළිණි ද සිල්වා)
නයිජීරියාවේදී නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරත වූවා යැයි කියන චෝදනා මත එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික නාවිකයන් හත්දෙනා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම සමඟ සාකච්ඡා කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
අදාළ චෝදනා යටතේ දැනට නීතිමය ක‍්‍රියාමාර්ග සිදුකෙරෙන බවත් , ලාංකික නැවියන් පිරිස නිර්දොෂී යැයි ඔප්පු වුවහොත් ඔවුන් කඩිනමින් නිදහස් කරන බවද එම නයිජීරියානු කොමිසම එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාශය කියා සිටී.
මේ අතර නයිජීරියා බලධාරීන් අත්අඩංගුවේ පසුවන මෙම ලාංකිකයින් පිරිසගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ බලධාරීන් පිරිසක් ඔවුන් රඳවා සිටින බීක්‍රොෆ්ට් නාවික කඳවුර වෙත ඉකුත් 20 වැනිදා ගොස් ඇති අතර එහිදී තමන්ව හැකි ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගන්නැයි එම පිරිස ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා ඇත.
එලෙස ඉන්ධන ලබා ගැනීම නීතිවිරෝධී යැයි තමන් නොදැන් සිටි බවද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් හමුවේ පවසා ඇතැයි ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් සීබෲක් නැමැති නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් එම ශ්‍රී ලාංකිකයින් හත්දෙනා ඇතුළු 66 දෙනෙකු පසුගිය දෙසැම්බර් 12 වැනිදා නයිජීරියා නාවික හමුදා අත්අඩංගුවට පත් විණි.
නයිජීරියානු නාවික හමුදාව පසුගිය දෙසැම්බර් මාසය තුළ කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ලාංකිකයින් හත් දෙනාට අමතරව නයිජීරියානු ජාතිකයින් 57 දෙනෙකු සහ ඝානා ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන් වේ.
ලාංකික නැවියන් හත් දෙනා සිටි නෞකාවේ ඒ වන විට තිබූ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 838ක් ද නයිජීරියානු බලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයිජීරියානු රජයේ අත්අඩංගුවට පත් නාවිකයන් නිදහස්කරගන්න සාකච්ඡා
w.w.w.d.s.k de silva Tuesday, 25 February 2020 02:53 AM
මං කියන්නේ මේ නැවේ වැඩකරපු සේවකයෝ මේකට වගකිව යුත්තන් නොවේ. මොකද නැවේ තෙල් ගෙනාවත් ඔවුන්ට අයිතියක් නෑ. එයට වගකිව යුත්තේ නැව අයිති සමාගමයි. ඒ නිසා සේවය සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉක්මනින් නිදහස් කිරීමට කඩිනම් පියවර ගැනීමට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.