(අනීෂා මානගේ)
නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැයි මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස කලවැල්වල ප්‍රදේශයේදී පැවැති උදලු තල සහ පැළ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
‘‘මට විශාල වගකීම් රාශියක් තිබෙනවා. මගේ මේ එක් ආයතනයක් අක්‍රීය වුණොත් මුළු රටම අක්‍රීය වෙනවා. මට වගකීමක් තිබෙනවා ප්‍රශ්න නොමැතිව මේවා පාලනය කරන්න. පාඩු ලබන සියලු ආයතන වසර තුනක් ඇතුළත ලාභ ලබන ආයතන බවට පත්කරනවා. ලංගමයේ පාඩු ලබන ආයතන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. මාස දෙකක් ඇතුළත මේ සියල්ලම ලාභ ලබන ආයතන බවට පත්කරනවා. කරන්න බැරි දෙයක් නැහැ. කැපකිරීමයි ඕනෑ.
මේ අවුරුද්ද ඇතුළත අපි සංවර්ධන වැඩකටයුතු සියල්ල අවසන් කරනවා. ඊළඟට තිබෙන ප්‍රශ්න අපි දන්නවා. රැකියා, කර්මාන්ත, නිවාස ආධාර ආදිය අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ පැත්තෙන් ලබා දිය හැකි සහයෝගය අපි ලබා දෙනවා. සෑම ගෙදරකටම රුපියල් 40,000 පමණ ආදායමක් එන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කිරීමයි.
මේ කාලෙට සමහරු ඕනෑ තරම් පොරොන්දු දෙනවා. කිසි දෙයක් නොකළාට පොරොන්දු දුන්නාම ඒවාට සමහරු රැවටෙනවා. ඡන්දයක් තිබෙනකොට අපේ ජනතාව රැවටෙනවා. ඕනෑම මොහොතක ඡන්දයක් ඒමේ හැකියාවක් තිබෙනවා.
ඡන්දය ගැන දැන් ජනතාවගේ එතරම් උනන්දුවක් නැහැ. මේ රටේ ජනතාව වැඩියෙන්ම උනන්දු වුණේ ගෝඨාභය මහත්තයා ඉදිරිපත් වුණ මැතිවරණයයි. පිටරටින් පවා ඇවිත් එතුමාට ඡන්දය දුන්නා. මීළඟට තිබෙන අභියෝගය මේ අයගේ ඡන්දය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් තිබේද යන්නයි.
ගෝඨාභය මහත්තයාගේ ජනප්‍රියභාවය නැතිවෙලා නැහැ. එතුමා හිතුවාටත් වඩා හොඳින් රට පාලනය කරනවා. මඩ ගැසීම, චරිත ඝාතනය කිරීම දැන් සාමාන්‍ය ස්වරූපයක් බවට පත්වෙලා.
මෙය වෙනස් කරන්නයි අපි බලාපොරොත්තු වුණේ. මනාප නැති ඡන්ද ක්‍රමයක් එනවා නම් මොන තීන්දුවක් මට ආවත් අනිවාර්යෙන් මම ඡන්දය පාවිච්චි කරනවා. මනාප ඡන්දය හේතුවෙන් ගම් බෙදෙනවා. එහෙම වුණාම මිනිස්සුන්ට දේශපාලනය කළකිරෙනවා.‘‘ යැයි ඒ මහතා පැවසීය.
COMMENTS
අම්මපා මෙයත් ඉදල හිටලා හොද හොද දේවල් හොයාගන්නවනේ හැබෑට... මෙච්චරකල් අපි කිසිවෙකු මේ වගේ දේවල් දැනගෙන හිටියේ නැහැනේ.
අනේ කුක්කු පැටියා හිටන්.. ඔහේට වැදිබණ කියන්න ඉගැන්නුවද? නිල්, රතු, කොළ ඔක්කොම මේ රටට කරන වින්නැහිය ගැන මිනිස්සුන්ට උගන්නන්න එපා.
ආදර්ශයක් දීලා වැඩේ පටන්ගන්නද යන්නේ...?
එහෙම නම් ඒක උඹලාගේ ලොකු උන්ට කියන්න. අපිට කියන්නේ මොකද?
ඔබමයි කියන්නේ නායකයින් හොරා කෑවොත් ගෝලයොත් හොරාකනවා... කියලා ඉතින් බය නැතිව කියන්නකෝ.... මහින්දයි, ගෝඨයි දෙන්නමත් හොරා කෑවා කියලා සේරමලාට.... ඡන්දෙ ළංවෙන්න ඕනෑ හොරකම් වමාරන්න ඒකත් කියන්නේ. වහෙන් ඔරෝ සෑම පවුලක්ම 40,000 ගන්න කරන්න මාසික වැටුප කීදෙනෙක් මේ කතාව කිව්වද? මහින්දගේ ආර්ථිකය කඩන් වැටුණු ආටිකල් කියවන්නකෝ... සිංහලයින් රට පාලනය කරනවා කියලා හොරුන්ට රට බාරදීලා හරි යනවද? නුඹලාගේ කටවල්වලට වැහි නැති හෙන පාත්වෙන්න ඕනෑ.
ඒක හින්දද හොරකම් කරන්නේ? නැතිනම් කරන්නැද්ද? එතකොට වාහන ගෙන්නන්නෙත් එහෙමද?
අනික් අය ගැන මොන කතාද ?
පාර්ලිමෙන්තුවේ අද වෙනකල් කෝන්පිට්ටු හැදුවද ?
අපි ඔය කතාව දන්නේ අද ඊයේ නොවෙයි ඇමති තුමා. කවුද හොරකම් කළ නායකයින්, කවුද එයාලගේ ගෝලයන් කියාලා අපි දන්නවා. ඔයා හොර ගෙඩියා, ඔයත් දන්නවා නේද නොදන්නවා වගේ කතා කළාට?
" බැරි වෙනකොට මතක් වෙලා. ඇවිදින් පන්සල් .." කියලා සින්දුවක කොටසක් මම අහල තියෙනවා. මේ ඇත්තොත් මේ බැරි වෙනකොට මතක් වෙලාද මේ වගේ මේවා කියන්නේ ?