IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


නම ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශනයට කොමිසමෙන් අවසර ඉල්ලයි

 

(බිඟුන් මේනක ගමගේ) 


මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර දෙන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් අද (8) කර ඇත.


මෙවර මහමැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමෙන් අපේක්ෂකයන් ඡන්ද දායකයන් හා සන්නිවේදනයේ දී විශාල අර්බුදයකට පත්ව ඇති බැවින් මෙවැනි ඉල්ලීමක් කළැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.


මුදල් බලය අවම හා ප්‍රචාරණ කටයුතු මහා පරිමාණයෙන් නොකරන අපේක්ෂකයන්ට සිය අනන්‍යතාව සන්නිවේදනයට ඇති පහසුම මග මැතිවරණ කාර්යාලයෙහි සිය ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම යැයි ද නව නීතිමය තත්ත්වය නිසා බොහෝ අපේක්ෂකයන් ගැන ජනතාවට නිසි වැටහීමක් නැතැයි ද ගජනායක මහතා කීවේය.


ඒ අනුව දේශපාලන පක්ෂවලත් මහජනතාවගේත් අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන මහමැතිවරණ ඉතිහාසයේ ගමන්මග හා අහිංසාවාදී ප්‍රචාරණ උපක්‍රමවලට අවස්ථාව දීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් දීර්ඝව කරුණු සහිතව මෙම ඉල්ලීම කළේ යැයි ඒ මහතා පැවසීය.


මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට ප්‍රධාන හේතුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස නොතකා සෙසු සාමාජිකයන් දෙදෙනා මෙවර මහමැතිවරණය පනත ප්‍රකාරවම පැවැත්විය යුතුය යන දැඩි මතයක සිටීම යැයි කී හෙතෙම එම තීරණයේ අදූරදර්ශීභාවය මේ වනවිට හොඳින් පැහැදිලිවන්නේ යැයි කීවේය. 


යාවත්කාලීන නොවූ වසර තිස් නවයක් පැරණි මැතිවරණ පනතක් යටතේ මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම ගැන මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරන අතරම උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි කොමිසමෙන් අපේක්ෂා කරන්නේ යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.


දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධානවල අදහස් හා යෝජනා සම්පිණ්ඩනය කර චක්‍රලේඛ හරහා මැතිවරණ ප්‍රචාරණයට අවස්ථාව දෙන්නට මැතිවරණ කොමසාරිස්වරුන් මෙතෙක් කටයුතු කළේ යැයි ද මැතිවරණ පනත සංශෝධනයේ අවශ්‍යතාව මෙමගින් හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (4)

නම ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශනයට කොමිසමෙන් අවසර ඉල්ලයි

කමල් Wednesday, 08 July 2020 08:55 AM

දේශපාලකයෝම හදාගත්ත නීතිය නේ. උවමනා නම් ඒ අයම වෙනස් කර ගන්න එකනේ තියෙන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මොනවා කරන්නද?

:       9       6

Dayan Wednesday, 08 July 2020 09:02 AM

එම අපේක්ෂකයින්ගෙන් වැඩි දෙනෙක් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස සිටියහ. ඔවුන් මැතිවරණ නීති පිළිබඳ ගැටළුවක් නම් ඔවුන් දැන සිටිය යුතුව තිබූ අතර එය නිවැරදි කිරීමට පියවර ගනු ඇත. කොමසාරිස්වරුන්ට දොස් පැවරීම යුක්ති සහගත ය. නීතියක් ඇති විට ඔවුන්ට එරෙහිව යාමට අයිතියක් නැත. නීතියේ අඩුපාඩු දකින මේ සියලු දෙනා අනෙක් සෑම අවස්ථාවකම මෙන් නිදා සිටියහ.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 09:23 AM

යම් අපේක්ෂකයෙකු ඡන්දය ඉල්ලන්නේ නම් ඔහුගේ නම සහ ලකුණ ඔහුගේ කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීමට මැතිවණ කොමිෂම අවසර නොදුන්නේ මන්ද?... මානුෂික හේතුන් උඩ හෝ මේ අවශ්‍යතා ඔවුන්ට ලබාදිය යුතුව තිබුණි. අපේක්ෂකයෙක් ඡන්දය ඉල්ලන්නේ නම්, ඔහුගේ නම හා ලකුණ තම කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීමේදී ඇතිවන වරද කුමක්ද? මේ සාමාන්‍ය දේත් මැතිවරණ කොමිසමට අමුතුවෙන් උගන්නන්න ඕනෙද ... ? පුදුම තීන්දු සහ තීරණ ....

:       0       0

siri Wednesday, 08 July 2020 10:22 AM

කවුරු මොනවා ප්‍රදර්ශනය කළත් අන්තිම ප්‍රතිඵලය වෙන්නේ " පොදු ජන පෙරමුණට 147 යි, සජිත් පාර්ශවයට 37 යි, රනිල් පාර්ශවයට 20 යි, ජවිපෙට 4, ටී.එන්.ඒ එකට 12යි.., ඉතුරුවා අනෙක් කුඩා කණ්ඩායම්වලට කියලයි සමීක්ෂණ වාර්තාවල නම් දක්වන්නේ" කියලා අන්තර්ජාලයේ ලියලා තියෙනවා ඔන්න... අගමැතිතුමාත් දැන් දැන් "යම් හෙයකින් ජනතාවගේ ඡන්දෙයන් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් නිර්මාණය කරගත නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව සැලුන් දොරක් බවට පත්වන බව" කියනවලු. ඒ කියන්නේ ඒ කතාවේ තේරුම " ඡන්දෙන් තුනෙන් දෙක ලැබුනේ නැත්තන් සල්ලි විසිකරලා හරි හදාගන්න වෙනවා" කියලයි සමහරු කියන්නේ? මාර වැඩේ ලංකාවට වුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 425 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site