ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔවුන් සඳහන් කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ ඝාතන කුමන්ත්‍රණ නඩුව අද (16) කැඳවු අවස්ථාවේදී කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාද කැඳවා ඇති බවද අධිකරණයට දැනුම් දුන්නේය.
(36698)
COMMENTS
ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අර අහවල් එහෙකටද මේ තුන් කට්ටුවගෙන් ප්‍රශ්න කරන්න කැඳවලා තියෙන්නේ.. අනේ මන්දා මේ නාඩගම කවද්ද රංග ගත වෙන්නේ...?
එක නැට්ටේ දෙහි... මේවා ගන්නේ නිදන් හාරන්න බිලිපුජා වලට..
හපොයි ඒ පාර නාමල්ගේ උප්පැන්නයත් දෙන්නා එකතුවෙලා වෙනස් කරලාද? හිනා වෙලා පණ යනවා.
"හරිම බදු තුනක්"! මුළු ජීවිතේටම, අඩු ගානේ බේතට ගන්නවත් ඇත්තක් නම් කියලා නැතුව ඇති!
රටෙන් හොරාකාල තිබෙන ධනය ලබාගන්න පුලුවන්නම් කිසිම රටකින් අපිට ණය ගන්න ඕනේ නැහැ.
තාත්තාගෙන් රටට යමක් ගන්න තිබ්බ නම් එයත් නැති කලේ මේ පුත්‍රයා තමයි.
අපට පේන හැටියට නාමල් කුමාරට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න දීමත්, ඔහුගේ ප්‍රකාශත්, මැකූ හඬපටවල මැකූ දේ නැවත සොයාගැනීමත්, පසුගිය දේශපාලන කුමන්ත්‍රනයේත්, මොවුන් අතරත් කුමන හෝ සබඳකමක් තිබෙනවා කියා සිතිය හැකියි. " හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට " කියන කියමන මෙන්න මේ වෙලාවට තමයි මතක් වෙන්නේ.