(නිමන්ති රණසිංහ)
දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එය මුදා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් නැති අයෙක් සමිතයක් අටවගෙන අධ්‍යක්ෂ වෙන රටක්.....
ඉන්දියානු හාදයාත් මානසික් රෝගියෙක් කියලා ඉන්දියාව කියලා තිබුනානේ. දැන් අරයත් හැසිරෙන්නේ ඒවගේනේ. මෙයත් එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන්. රටේ උගත්තු සහ දක්ෂයෝ පැත්තක රගන්නේ පිස්සෝ.
ඒ මැකිලා තියෙන කොටස් වලට ඔරිජිනල් සංවාදය වෙනුවට නිර්මාණය කරන ලද සංවාදයක් මුදල් ගෙවා ඇතුළත් කිරීමට අවකාශයක් නැතුවාම නොවේ.
දුරකථනයත් එක්ක එකාගේ මොළෙත් විදෙස් රටකවත් ගලවල යවල පරීක්ෂා කෙරෙව්වොත් හොඳා!
මොහු කල උදව්වට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නත් තීරණය කරලා ...... ජනතාව බුද්ධිමත් නම් ගහපු ගේම් එක තේරුම් ගනියි .
නාමල් කුමාර තමයි මෙම කටයුත්තේ මුල් පියවර , මෙය දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයක කොටසක් වියහැක එක නිසා දැඩි ලෙස පරික්ෂාකර වැඩක් කර ඇත්නම් දඩුවම් කරන්න
නාටකය අයෙත් මතක් කිරීමක් ...හොදා හොදා දැන් නමි ජනතාවගේ මොළේ කොලප්පන් වෙලා තියෙන්නෙ
තියෙන ටිකත් මැකෙයිද දන්නේ නැහැ.?
ඔන්න ඕකයි කියන්නෙ අනුන්ට කරන්න ගිහින් තමන්ට පළදෙනවා කියලා.
මකපු දත්ත රිකවරි කරන්න හොංකොං යන්නෙ මොකටද ඔය පොඩි එකෙක්ට දුන්නත් ඕක කර දෙයි
දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ ? ත්‍රීවීල් පදින්න වගේ දේකට සුදුසුකම් තියෙන මිනිහෙක් හොර සංවිධානයක් අටවාගෙන කරන මේ විගඩම පිළිගන්න මෝඩයෝ ඉන්න රටක්.
නිමල් මහත්තයෝ, ත්‍රිවිල් පැදිල්ල පැත්තකට කරමුකෝ. අර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දරපු කෙනාගේ කටහඩත් බොරු එකක්ද? මේ මෝඩකමටයි අහන්නේ.
මෙයා කොහොමද දවස ගානේ ප්‍රවෘත්ති සාකච්චා තියතිය එක එක දවසට එක එක කතා හිත හිත කියන්නේ. ගිරවෙක් වගේ කියන්නේ කවුරුහරි කියා දෙන ඒවා.
ඔය හරි නිමල්. ඒකටවත් සුදුසුනැති ජෝකෙර් කෙනෙක්. මේ දේවල් අහන අය ඊට වැඩිය ජෝකර්ලා.
අංක 1 රස්තියාදු කාරයෙක් පමණි. මුන්වත් පාර්ලිමේන්තවට එවන්න හදනවා.
වැඩේ පටන්ගෙනම තියෙන්නේ දූෂණයකින්. රස්තියාදු කාරයෙක් බව බලපුවහම තේරෙනවා . 8 පාස් ද ?
කරුණාකර වෘත්තීයකට හෝ සත්‍ය දැනගන්නා තුරු අදාළ පුද්ගලයන්ට ගරහන්න එපා.
මේ කරන්නේ තනිකර රාජද්‍රෝහී බොරු ගෙතුමක්....... මේ අපේ මවුබිමට වී තිබෙන විනාශයට සම්පුර්ණයෙන් ම වගකියන්න ඕන මෙයයි.......මොහු අධිකරණයට යෙමුකරන්න
මේ කුලියට සල්ලිවලට පාවාදෙන ඔත්තුකරුවෙක් ..................
මල්පොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න යනකොට මේ පිල්ලිය එවල තියෙන්නේ කොහෙන්ද කියලා රටම දැන් දන්නවා..............
මෙයාට කොහොමද කියන්න පුළුවන් මෙයා දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියලා. මෙයාම පුවත්පතකට කියා තිබුන රාජ්‍ය බැංකුවකින් ලක්ෂ හතරක් ණයක් අරන් තාම ගෙව්ව නැහැ කියලත්, දැනටමත් බ්ලැක් ලිස්ට්ලු.
මෙයා කියන කිසිමදෙයක් පැහැදිලි නැහැ. අපිටනම් ටීවී එකේ අහන් ඉන්නකොට පිස්සු වගේ තව ටික දවසකින් අහන් ඉන්න අයටත් පිස්සු හැදේවි.
බන්දනාගරේ ඉන්න ඕන සැක කරුවෙක වීරයෙක් කරන මෙහෙම රටක් මේ මුළු තුන් ලෝකෙවත් නැ...නැ ...නෑ... මයි .
මෙයා කියන කතා පිළිගන්න තරම් රටේ මෝඩයෝද ඉන්නේ ?