
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක, අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි නාහිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ දී අද පැවැත්විණි. සඟසතු දානමය පිංකමක්, ධර්ම පුස්තකයක් දොරට වැඩීමක් සහ කුලදරුවෙකු පැවිදි කිරීමේ පිංකමක් මෙම ගුණ සමරු උත්සවයට සමගාමීව පැවැත්විණ.
බෝධිරාජ විහාරාධිපති හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පිංකම පැවැත්විණි. සෝභිත හිමියන්ගේ මෑණියන් වූ ඕමල්පේ ලොකු හාමිනේ මාතාව ද මෙදින අනුස්මරණය කරනු ලැබිණ.
කිරම වෑතැන්නේ පදිංචිව සිටි වන්නිආරච්චි කංකානම්ලාගේ අභිලාෂ් බුද්ධික කුල දරුවා ‘කිරම පාලිත’ නමින් ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ මහනායක, මකුලෑවේ විමල නාහිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් සහ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගත කෙරිණ.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු ගිහි ආරාධිතයෝ රැසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.


COMMENTS