(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හොරණ පෝරුවදණ්ඩ ගනේතැන්න සුසාන භූමිය අසල රබර් වත්තක තිබී අද සවස හමුවූ බව හොරණ පොලිසිය කියයි
දින කිහිපයකට ඉහත දී මියයන්නට ඇතැයි සැකකරන මෙම පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයකු බව පොලිසිය කියයි
මුනින් අතට මළ සිරුර වැටී තිබෙන අතර නරක් වී දුගඳ හමමින් පවතින බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය
මියගිය පුද්ගලයාගේ වම් අතේ උඩ බාහුවේ ලිය වැලක හැඩයෙන් යුත් පච්චයක් කොටා ඇති බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd