IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාඳුනන අමුත්තෙක් නිසා මුතුපන්තිය කැළඹෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටීන් ප්‍රනාන්දු) 
 
හලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද (7) අළුයම කාලයේ කිසිවකු සැරිසැරූ බවට ලද තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු නිවාසවලට යවා පොලිසිය, යුද හමුදාව හා දෙමාපියන් යොදවා දැඩි සෝදිසි කිරීමකට ලක් කළ බව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසීය. 
 
මුතුපන්තිය පාසල ආසන්නයේ පදිංචිකරුවකු  අද අළුයම අවදි වී පාසල නිරීක්ෂණය කිරීමේදී කළු පැහැති ඇඳුමක් හැඳගත් අයකු පාසල් භුමියේ සිට දිවයනු දැක ඇති බවද ගම්වාසින් පාසල සහ අවට සෝදිසි කර තිබුණද කිසිවක් හමු නොවූ බවද ප්‍රදේශවාසීහු  කියති. 
 
ඉබි යතුරු දමා අගුළු දමා තිබූ පාසලේ ප්‍රධාන දොරටුව කිසිවකු ගලවා, පාසල් වැසිකිලිවල ජල කරාම විවෘත කර ජලය ගලායාමට සලස්වා තිබූ බවත් යම් සැකයක් මතුවීම නිසා ආරච්චිකට්ටුව පොලිසිය හා පුත්තලම යුධ හමුදා කදවුර දැනුවත් කිරීමට කටයුතු කළ බවත් විද්‍යාලයේ විදුහල්පතිවරයා  පැවසීය.
 
ඒ අනුව පොලිස් නිලධාරීන් පාසලට පැමිණ පාසල් භුමිය ද දැඩි පරීක්ෂාවට ලක් කර ඇත.
 
 “පාන්දර අපිට ආරංචි වුණා කවුරු හරි පාසල් භුමියේ රැඳිලා ඉඳලා දිව්වා කියලා. අපි එකතුවෙලා හැමතැනම සෙව්වා. නමුත් කිසිම කෙනෙකුට සැකකටයුතු යමක් හෝ පුද්ගලයෙක් සොයාගන්න බැරිව ගියා. රටේ තිබෙන තත්වයත් එක්ක අපිට දැන් බයකුත් දැනෙනවා. නමුත් අපි පාසලේ ආරක්ෂාව වෙනුවෙන් හැම මොහොතේම කටයුතු කරන්න සුදානම්. මොකද එහා පැත්ත කලපුව, ඒ මදිවට කඩොලාන තිරය නිසා අපි දැන් බයවෙලා ඉන්නේ” මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි පාසල් ආරක්ෂක කමිටුවේ ක්‍රිස්ටෝපර් මිල්ටන් මහතා පැවසීය.



අදහස් (2)

නාඳුනන අමුත්තෙක් නිසා මුතුපන්තිය කැළඹෙයි

sandy123 Tuesday, 07 May 2019 10:42 AM

කොහොම හරි හොයාගෙන උපරිම දඩුවම් දෙන්න ඕනේ.

:       0       88

Nuone Tuesday, 07 May 2019 01:51 PM

මම නම් හිතන්නෙ ළමුන් අද දිනයේ පාසල් එන එකට විරුද්ධව ගම්වාසියෙක් විසින්ම සිදු කල ක්‍රියාවක් කියලයි. මොකද තාමත් මිනිස්සු පාසැල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් වන්නේ නැත.

:       32       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site