(කුෂාන් ජයවර්ධන)
මෙවර ජාතික නිදහස් උත්සවයට එක්වීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන් 6 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිතව ඇති බවත්, මේ වනවිට එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක භටයින් 140දෙනෙකු මේ වනවිට එම කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින අතර, ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භටයින් 07 දෙනෙකු ඊයේ සවස හදිසියේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබිණ. එහිදී කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලදී එම සිවිල් ආරක්ෂක භටයින් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා පවසයි.
තවත් සෙබළුන් 50 දෙනෙකු පමණ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඒ මහතා පවසයි. එම පිරිසගේ පීසීආර් සාම්පල ලබා ගැනීමට මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ වනවිට කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන ඇති භටයන් 6දෙනා ගල්කිරියාගම, මැදවච්චිය, මහියංගනය, වව්නියාව, මහනුවර හා පදවිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පවතින තත්ත්වය අනුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කඳවුර දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති නිසා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා දැමූ බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා කියයි.
ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලය, රෝහල හා පොලිස් ස්ථානය, විහාරස්ථානයක්, බස්නැවතුම්පළ වැනි පොදු ස්ථාන රැසක් ද එම කඳවුර අවට පිහිටා තිබේ. කෙසේ වෙතත් පවතින දැඩි අවධානම සැලකිල්ලට ගෙන එම කඳවුර අවට සංචරණය සීමාකරන්නැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
එතකොට මේක මොන පොකුරද....?
අපිට අඩුවක්ව පැවැති නිදහස් පොකුරද ලබාදුන් ඔබතුමාට ජාතියේ ප්‍රණාමය...!!!
මේකනම් රතු මල්ලිලාටයි, සජී පුතාටයි රොත්තක් අරන් පාරේ කෑමොර දීලා එතනත් කෝවිඩ් පොකුරක් හදන්න සෑහෙන්න වැදගත් ආරංචියක් වෙයි.