(ටී.කේ.ජී.කපිල )
නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
අමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.
විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමා කර හෙට (19) සවස ආපසු පිටත්ව යෑමට නියමිතය.

COMMENTS
මෙතුමා ඉතාම ගුණයහපත් වචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයෙක්. ඒ වගේම ගුණයහපත් බෞද්ධයෙක්. නෙදර්ලන්තයෙ වාසය කරනා ලංකික අපටත් ඉතාම හොදින් උදව් පදව් කරනවා. බුද්ධ සාසනය දියුණු කිරීමටත් හැකි පමණ කටයුතු කරනා උත්තමයෙක් මේ.
ඇයි මෙයා දැන් එන්නේ...? දැන් මේ ඡන්දයක් යන වෙලාවක්නේ... සමහර බලල් අත් කෙලින්ම ආවම පේන නිසා නොපෙනෙන බලල් අත් එවනවා...