
(ඉන්දිකා රාමනායක සහ බී.ජානක)
අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයක නිවසක තිබී ඊයේ (24) රාත්‍රියේදී සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙදර්ලන්ත ජාතික Kalidien Nisha Gatoen (67) නැමැති කාන්තාව බව පොලිසිය කියයි .
මෙම කාන්තාව 37 මෙරට තරුණයෙකු සමග ඉහත මහල් නිවාසයේ නිවසක රැදිසිට ඇති බවද පොලිසිය පවසයි.
Tik Tok සමාජ මාධ්‍ය මගින් හදුනාගත් සිංහල ජාතික තරුණයා සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ඔහු සොයා ලංකාවට පැමිණ ඔහු සමඟ ඉහත නිවසේ රැඳී සිට ඇති බවද පොලිසිය කියයි.
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd