IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට

නීතී විරෝධීව  මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මුහුදු තීරයේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්‍රා කරමින් තිබු  සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කළ  දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ  නියුතු නාවිකයින් පිරිසක්  මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්  එම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව නාවික හමුදා යාත්‍රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව  නාවික හමුදාව සඳහන් කරයි. 

 

(36698)
 



අදහස් (7)

නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 07 March 2019 08:14 AM

අනේ ඔය අහිංසක මිනිසුන්ට යන්න දෙන්න තිබ්බේ මේ දේශයේ ඉදලා ගොඩ යාමක් නැති නිසා ඒ මිනිස්සු යන්න හදන්නේ

:       0       125

banda Thursday, 07 March 2019 08:19 AM

මේ අහිංසකයන්ට ජිවත් වෙන්න සුදුසු රටකට යන්න දෙන්න.. ලංකාවේ ඉදලා දැන් පුංචි කාර් එකක්වත් ගන්න බෑ නේද ?

:       0       119

`abaran Thursday, 07 March 2019 08:50 AM

හිනා කාලා පණ යන වැඩ තමයි සිද්ධ වෙන්නේ.. වෙන රටවල ඇතුලට එනකොට අල්ලනවා. අපේ රටෙන් පිටවෙනකොට අල්ලනවා. මේ තරම් සැප සම්පත් තියෙන රටක් දාල මොකට රට යනවද මන්දා....

:       0       132

sirimal Thursday, 07 March 2019 08:55 AM

මේක විශාල පරිමානයේ ජාවාරමක්. රටින් පනින්න උත්සාහ කරන අය අල්ලලා වැඩක් වෙන්නේ නැහැ. මේ අයගෙන් සල්ලි අරගෙන මේ ජාවාරම කරන මිනිස්සුයි අල්ලන්න ඕනෑ.

:       0       160

Mahee Thursday, 07 March 2019 09:11 AM

මේ මිනිස්සු පණ එපා කියල යන ගමනක් මේක. මොවුන්ගෙන් ලක්ෂ ගණන් අය කරලා කරන මහා මිනිස් ජාවාරමක් මේ පසුබිමේ තියෙන්නේ. එක අතකට ජීවිතෙත් මුළු සේසතමත් පරදුවට තියල එහෙම යන්නේ ඇයි? අපේ රට වනසන එවුනුත් එක්ක ඉඳල කවදාවත් හරියන්නේ නැහැ කියල හිතන නිසා නොවේද?

:       0       147

mendis Thursday, 07 March 2019 11:19 AM

අනේ කරුණාකරලා මේ මිනිසුන්ට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳගෙන නිකම්ම උඩ බලාගෙන ඉන්නේ නැතිව, අඩු ගානේ මේ මිනිසුන් පිටරටකට ගිහිල්ල මහන්සිවෙලා වැඩ කරලා රටට විදේශ විනිමය වත් එවයි.

:       0       75

wajira Friday, 08 March 2019 02:03 PM

මැති, ඇමතිවරු හෝ ව්‍යාපාරිකයන්ට පුළුවන් තම මුදල් විදේශීය බැංකුවල නොදමා තිබෙන ව්‍යාපාර විනාශ නොකර අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site