IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නීති විරෝධිව ගෙන්වු කහ තොගයක් රේගු බාරයට

(ටී.කේ.ජී.කපිල)

තිරිගු පිටි යැයි කියා  නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා කහ කුඩු තොගයක් අද (04) උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ගේ බාරයට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක
, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

රේගුව නොමග යැවීම සදහා තිරිගු පිටි කිලෝ ග්‍රෑම් 19,350 ක් බව සදහන් කරමින් ඉන්දියාවේ සිට අඩි 20 ක් දිගැති මෙම බහාලුම , කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඉකුත් 21 දින කොළඹ වරායට ගෙනැවිත් තිබුණි.

මෙම බහාලුම පිළිබඳව සැක සිතූ රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙම බහාලුම  අද (04) උදෑසන ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී විවෘත කර පරීක්ෂා කිරීම සිදු කෙරුණි.

එහිදී ඒ තුළ තිබූ කහ කුඩු කිලෝ ග්‍රැම් 7,500 ක් සහ තිරිගු පිටි කිලෝ ග්රැම් 11,850 ක් සොයාගෙන අත් අඩංගුවට ගැනීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් සමත් වී තිබුණි.

ඒ අනුව මෙම කහ කුඩු තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ කොළඹ මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනආනන්දීෂ්වරන් සහ රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස්.චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන කැළුම් තුෂාර, සුරේන්ද්‍ර අමරසිංහ, ඉදුනිල් බණ්ඩාර, පුලස්ති ලක්ෂාන් සහ තරිඳු පරණමාන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.



අදහස් (0)

නීති විරෝධිව ගෙන්වු කහ තොගයක් රේගු බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site