(එෆ්.අස්ලම්)
ශ්‍රී ලාංකික සරණාගතයින් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සම්බධයෙන් දැඩි පියවර අනුගමනය කරන බවත් එකී සංක්‍රමණිකයින් රඳවාගැනීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙන බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා හමුවී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී සිදුවූ අතර එහිදී මහ කොමසාරිස්වරයා මේ බව අවධාරණය කර ඇත.
මෙම හමුවේදී උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර උතුරු පළාතේ ජල ගැටලුව විසඳීම සඳහා වඩමරාච්චි ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ වඩමරාච්චි ක්ෂේත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බවයි.
ඕස්ට්‍රේලියානු රජයේ මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුවට සහාය වීමට තමන් සූදානම් බවත් පුහුණුව ඇතුළු සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරමින් සිටින බවත් ඕස්ට්‍රේලියානු තානාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයා සූදානමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං එහෙ රදවා ගන්නවා නං හොදයි නේ, ආපහු හරවල එවන්නේ නැතිව.
රඳවා ගන්නවා කියල කියන්න එපා , අවම පහසුකම් ඇති පරණ සිරකරුවන් සිරකරුවන් ගෙනියන නැවකින් සෝමාලියාවේ තිබෙන සරණාගත කඳවුරකට ගෙනියනවා කියල කියන්න එහෙදි නඩු අහල අපහු ලංකාවට එවනවා කියල කියන්න , නැත්නම් රොත්ත පිටින්ම ඒවි , මොකද ඕස්ට්‍රේලියාවේ හිර ගෙවල් වල තිබෙන සැප පහසුව මේ ගොල්ල චිත්‍රපටි වලින් දැකල තිබෙනවා , ලංකාවේ ඉන්න බහුතරයක් පිනට කාල බිල මුල්ලකට වෙලා ඉන්න හරි කැමතිය
ලංකාවේ කොහෙන්ද සරනාගතයින් මිස්ටර් ඩේවිඩ් හොලී? එහෙම බැලුවොත් දේශපාලුවෝ, ඔවුන්ට බලය දුන්න අර 62 හැරෙන්න අන් සියලු දෙනාම සරණාගතයෝ.
කොපමණ කාලයක් රඳවා ගන්නවාද? ඊට පස්සේ මොකද කරන්නේ?
දැන්නම් ඕස්ට්‍රේලියාවේ හිර ගෙදරක ඉන්න එක ලංකාවේ ඉන්නවාට වඩා සැපයි.
හොද දෙයක්. ඉක්මනට යමු
බමුණුඅාරච්චි අර 62... හරිම අහිංසක සමාජ සේවකයින්..
රඳවා ගන්නේ පැපුවා නිව්ගිනි හෝ නයාරු රැඳවුම් කඳවුරු වල මිසක් ඕස්ට්‍රේලියාව ඇතුලේ නොවෙයි.