
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට නීති විරෝධී ක්‍රම හරහා මුදල් යොමු කරන සහ බෙදාහරින පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සියලුම විදේශ ශ්‍රමිකයින් සහ සංක්‍රමිකයන් සිය ඉපයුම් යොමු කිරීමේදී නිත්‍යානුකුල මාර්ග පමණක් භාවිත කරන ලෙසත් නීතියානුකූල ක්‍රම අනුගමනය කරන්නන්ට දිරිගැන්වීම් ලැබෙන බවත් මහ බැංකු අධිපතිවරයා කියයි.
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමියන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණ ද ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් හිඟය තව දුරටත් ගැටලුකාරී තත්වයකට පත්වීම නිසා රට තුළට ඩොලර් ගළාඒමේ මාර්ග දිරිගැන්වීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
COMMENTS
මහජන මුදල් හොරකන් කරන් ස්විස් ගිණුම් වල දාගෙන ඉන්න උන් අල්ලන්නේ නැහැ. මිනිස්සු දාඩිය මහන්සියෙන් හොයන තුට්ටු දෙකට විදින ක්‍රම ගේන්නේ.
පාලකයෝ අවංක නම්, විදේශ ගත වෙලා ඉන්න ශ්‍රී ලංකික ශ්‍රමිකයින් සහ සංක්‍රමිකයන් ඉතා උනන්දුවෙන් යවාවි.
එකත් ඩොලරුත් අච්චු ගහන්න බැරිද?
වාහනයන් ගනනකොටවත් ටැක්ස් අඩුකරනවාද. සල්ලි දානනම එපා
ඔහොම කිව්වාම විදෙස්ගත ශ්‍රමිකයින් මුදල් එවන එක තවත් අඩුවෙනවා. රුපියල් මුද්‍රණය කරලා කලු මුදල් හුවමාරු අනුපාතයටම දෙන්න. ඔයාගෙ රුපියල් දහය මදි...