
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බව සියලු දෙනා පිළිගන්නා බව කී වික්‍රමසිංහ මහතා පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් බරපතල අර්බුදයකට ලක් වූ බවද පැවසීය.
පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා ගෞරවය රැක ගැනීම වැදගත් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අදාල ආර්ථික සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු කැවිලාද කොහෙද? කසිප්පු කාරයින්ට, මංකොල්ලකාරයින්ට නොමිනේෂන් නොදී හිටියා නම් හරිනේ...!!!
මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් කියන්නේ, හරියට රවී කරුණානායක සහ අර්ජුන් මහේන්ද්‍රන් කළා වගේද?
ඊට වඩා වටින්නේ නැද්ද? උගත්කමක් සහ අවංක කමක් තියෙන මිනිස්සුන්ව තෝරලා ඔතැනට එවන එක.. ඉන්න තරම් හොරුයි, කුපාඩියොයි, මංකොල්ලකාරයොයි, මිනීමරුවොයි එකතුකරලා රට පාලනය කරන්න දුන්නාම. එතැන ගෞරවය කියන එක බිංදුවෙනුත් පහළට වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි.
ඔබතුමා රටේ අගමැති වෙලා නිල නොලත් ජනාධිපති විදිහට වාර කීයක් රට පාලනය කළාද? ඔය කියන දේවල් ඒ කාලේ කරන්න යම්තාක්වත් උත්සාහයක් ගත්තාද? 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තුව විහිළු කාරයින්ගේ පාරාදීසයක් කළේ කවුද? එතකොට කතානායකට ගොළු භාෂාව ඉගැන්නුවේ කවුද? අද නිකම් සුදනා වෙන්න හදනවා. ඒ වුණාට මුළු රටේම ජනතාව දන්නෑ ඔබතුමා කවුද කියලා... ඒකනේ එකම ආසනයක්වත් නොලැබෙන විදිහේ හිටපු අගමැතිට අත්කර දුන්නේ...
නාම යෝජනා දෙන විට නුගත් රස්තියාදු කාරයින්ට තැන දීමේ විපාක.
හ හ හා..........
ඔතනට කවුරු ආවත් එකයි... පාර්ලිමේන්තුවට තේරීපත් වුණාම මොලේ කචල් වෙනවා.
මේ මූසලයින් එජාපයෙන් ගියදාට එම පක්ෂය වෙනසක් වෙයි..!!!