(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගිනිබිසව් රාජ්‍යයේ ගුවන් මගියෙකු අද (15) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලනය අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 28 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු, ගිනි බිසව් රාජ්‍යයේ පුරවැසියෙකි.
ඔහු නයිජීරියාවේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එහි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක ප්‍රමාණය සඟවා ගෙන තිබූ බැව් රේගු අංශය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ 'සංචාරකයන්' ගැන අප ඉතා පරිස්සම් විය යුතුයි.