අජන්ත කුමාර අගලකඩ
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ ම පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි වාර්තා සඳහන් කරයි.
මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අමත්‍යංශය යටතට පවරා ඇත.
ඒ අනුව පොලිසිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශ විෂය පථය යටතේම ගැසට් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ඔක්තෝබර් 26 වැනි දා ආණ්ඩු මාරුවට පෙර පොලිසිය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අමාත්‍යංශය යටතේ පැවතුණ නමුත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්කෙරිණි.
මේ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ද ජනාධිපතිවරයා යටතේම තවදුරටත් පවත්වනු ඇත.
COMMENTS
එහෙනම් ඉතින් පොලිසිය ඉවරයි.
එහෙනම් පොලීස්පති ලෑස්තිපිට ඉන්නොන
කොහොමද එයා නීතිය සහ සාමය තියාගන්නේ ආණ්ඩුක්‍රම වියවස්තාවට පටහැනිව. දැන් අපිට උසාවි යන්න පුළුවන්. එයාට ඕනේ දේවල් කරන්න බැහැ.
අකිල මහත්තය කැට තියල කිව්වා නේද මොනව දුන්නත් ඒක නම් දෙන්නෙ නෑමයි කියලා. කොහොම වුනත් පොලිසිය ජනාධිපති තුමා යටතේ තියා ගත්තු ඒක හොඳයි. හැබැයි, මේ කට්ටියගේ වගේම හිටපු කට්ටියගේ නඩු ටිකත් පරීක්ෂණ කඩිනම් කරලා ඉවර කලොත් ඔබ තුමා නැවතත් ජනතාවගේ ආදර ගෞරවයට ලක්වෙන ඒක ෂුවර්. පක්ෂග්‍රාහී වුනත් එකේ අනික් පැත්ත.
කරන්න තියෙන්නේ අධිකරණයට යාම ආණ්ඩුවට වැඩකරන්න දෙන්නේ නෑ.
සියලු අඩුපාඩු හදාගෙන ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා රට වෙනුවෙන් ඉදිරියේදී වැඩකලොත් හොඳයි.
ඒ කියන්නේ හොරු ටික තව දුරටත් නිදැල්ලේ. යහපාලන බලිය වහාම ගෙදර යවන්න .
නීතිය දන්නා කෙනෙකුට නීතිය හා සාමය භාර දෙන්න ඕන.
සියලුම අමාත්‍යාංශ ටික මහවැලි සංවර්ධන පරිසර හා ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තනං ජනාධිපතිට තනියම කැබිනෙට්ටුව ගෙනියන්න පුළුවන්..
දැන් එහෙනම් දෙපැත්තේම හොරු ටික අල්ලලා හිරේ දායි. අපි බලා ඉමුකෝ. අඩු තරමේ 2007 ඉඳන් මහබැංකුව කොල්ල කාපු අයවත් අල්ලයිද කියලා...
කොච්චර සමච්චල් කළත් මෙදා පාරත් සමනල සන්ධානයක් එක්කනේ වැඩකරන්න වෙලා තියෙන්නේ.
ඉතාම හොඳ තීරණයක්... අඩුම ගානේ දේශපාලකයන්ගේ වංචා දූෂණවත් අඩුවේවි..
මෙයා ආයෙත් කරන්න යන්නේ හොරු රකින සෙල්ලමම තමයි...! එන්නකෝ ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන...
ඉතාමත් කාලෝචිතයි. බොහෝ දුර දිග හිතා ගත් පියවරක්. "ප්‍රජාතන්ත්‍රවාදීහු" මින් කලබල විය යුතු නැහැ. මෙය හොඳින් පවත්වාගෙන යන්න හේමසිරි ප්‍රනාන්දුට ඉතා හොඳ මානසිකත්වයක් තිබීම හිතට සැනසීමක්...
එහෙමද? එහෙනම් ගිය වසර තුනේදී වගේම ඉදිරියේදීත්, පල්හොරු වෙනදාටත් වඩා හොඳින් ඉඳීවි.
ඔව් දැන් ඉතින් පවුල් කෑවනම් ඒ අයව රැකගන්න එපායෑ... පස්සේ කියන්නකෝ හොරු අල්ලන්න රනිල් කැමති නැහැ කියලා... එදාට අපි බලාගන්නම් මුදල් අමාත්‍යාංශයත් තියාගන්න. එතකොට ඒ අයට ඕනේ වෙලාව... සල්ලි දෙන්නත් වුනත් පුළුවන්නේ...
මේ අය එළවන්නේ නැතුව අහවල් එකටද ආරක්ෂක අමාත්‍යාංශය දීලා තියෙන්නේ...?
පහුගිය ආණ්ඩු දෙකේම දූෂිතයොයි ඔක්කොම ඇල්ලුව හැකි. බාධා කරන්න කවුරුත් නෑ.
කම්හලේ බල්ලා හෙන ගැහුවත් කන්දීමක් නැහැ වගෙයි ජනතාව මොහු කියන ඒවාට ජනතාව කන්දෙන්නේ නැත්තේත් ....
"පසුගිය ආණ්ඩු දෙකේම දූෂිතයෝයි ඔක්කොම ඇල්ලුව හැකි. බාධා කරන්න කවුරුත් නෑ." ලු. අර කූඥය ගලවපු වඳුරාට වෙච්ච එක තමයි සිද්ද වෙන්නේ. ඒ ගොල්ලොත් හොයනවා පසුගිය අය කොරපු දූෂිත වැඩ. මොකද නඩු දැම්මාම උත්තරීතර අධිකරණය ඔවුන් නිදොස්කර නිදහස් කොරනවා.